(නිමල කොඩිතුවක්කු)
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට (01) දිනයේ සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව දුම්රිය රියදුරු, නියාමක, දුම්රිය පාලක, දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීය සමිති 29 ක සහයෝගයෙන් හෙට පස්වරු 12.00 ට මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා පැවසීය.
වෘත්තිය සමිති නියෝජිතයන් ඉල්ලා සිටින ගැටළුවලට රජය මගින් අද දිනයේ සාධනීය විසඳුමක් ලබා නොදුනහොත් සෙසු සියලුම වෘත්තීය සමිති සමග අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඕටී කාක්කන්ට කරන්න පුළුවන් දෙයක් නෑ...
දුම්රිය දෙපාර්තමේන්තුවේ පමණක් වෘත්තිය සමිති 29ක් පිහිටුවාගෙන තිබේ...
මෙන්න මේ දුම්රිය දෙපාර්තමේන්තුවත් ඉක්මනින්ම වගකීමෙන් යුතුව මෙහෙයවන්න පුළුවන් පෞද්ගලික ආයතනයකට විකුණා දැමිය යුතුයි . මේකේ ඉන්න රියදුරෝ හිතන්නනේ ඔවුන් ගුවන් නියමුවෝ නැත්නම් නව කප්පිත්තෝ කියලා . පුදුම හීනමානයක් සහ ආත්මාර්ථකාමී බවකින් පෙලෙන පිරිසක් තමයි මේ අය . ස්ටේෂන් මාස්ටර් ල වගේම ගාඩ් ලත් මේ වගේමයි. හිතාගෙන ඉන්නේ මොවුන්ට වඩා ලොක්කෝ තව නැහැ කියලයි. වෙනත් රටවල මේවා කොහොමද කෙරෙන්නේ කියල මොවුන්ට පෙන්වන්න ඕන .මොවුන්ගේ වැඩ නිසා දහස් ගණනක් මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා .
හරියට වැඩ කරපු දිනයක් කියපල්ලා