(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ආයතන පිළිබදව ජනතාවගේ විශ්වාසය කඩ වී ඇත්තේ ඇතැම් දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ ම වැරදි නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 ඇතැම් නිලධාරීන් කරන වැරදි නිසා බැණුම් ඇසීමට සිදුව ඇත්තේ දේශපාලනඥයින්ට බව ද අමාත්‍යවරයා කීය.

නාගරික සංවර්ධන අධිකාරියේ මානව සම්පත් කළමණාකරණ අංශයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001 : 2015  තත්ත්ව සහතිකය පිරිනැමීම නිමිත්තෙන් පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. 

රාජ්‍ය ආයතන මහජන හිතවාදී තත්ත්වයට පත් කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා තත්ත්ව සම්මාන දිනා ගැනීමෙන් පසු අදාල ප්‍රමිතිය පවත්වාගෙන යාම සඳහා ආයතනයේ සියලුම පාර්ශවයන් කැපවීමෙන් කටයුතු කළ යුතු යැයි ද අවධාරණය කළේය.