(නිමන්ති රණසිංහ)
ජාතික ජන බලවේගය පක්ෂය කොළඹදී සංවිධානය කළ විරෝධතාව අතුරතුර කඳු`ථ ගෑස් ප්‍රහාරයකට ලක්ව රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය පන්සවිදාලාගේ නිමල් අමරසිරි යන අයගේ දේහය භූමදානය කිරිම සඳහා ඔහුගේ පුත්‍රයාට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) කොම්පඤ්-ඤවීදිය පොලීසියට නියෝග කළේය.
කොළඹ ජාතික රෝහලේ හදිසී ප්‍රතිකාර ඒකකයේ ඇඳ හිසපත් අංක එස් 005568 යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27 වැනිදා මියගිය දොඹගම්මන දෑල, රත්නපුර නිවිතිගල පදිංචිව සිටි 61 හැවිරිදි පන්සවිදාලාගේ නිමල් අමරසිරි යන අය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලට ගොස් මරණය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
මෙම මරණකරු මියගිය බවට කොළඹ ජාතික රෝහල් පොලිසිය දුරකතන ඇමතුමක් මගින් දැනුම් දුන් බව සදහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයෝ කතා කරයි...ආයෙත්...!
ඇයි මෙච්චර නිර්භීතව මැරෙන්න සටන් කරන්න පුලුවන් තරුණ ජෙප්පො ඉද්දි අනේ! මෙි අහිංසක ජ්‍යෙෂ්ඨ වැඩිහිටි මනුස්සයව ඉස්සරහට දාල මොන පාපතර ක්‍රියාවක්ද මෙි වසලයො ටික කරල තියෙන්නෙ. අපේ වීරවිජේට උණා වගෙ. මෙතුමාට නිවන් සුව අත්වේවා!
වධකයින් වැඩ පටන් අරගෙන...!