(ඉන්දිකා  රාමනායක)

තලේමන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාර ගබඩාවෙන්  රුපියල් ලක්ෂ 19 ට අධික වටිනා  තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් 25 දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මෙම සොරකම සිදුකර ඇති බවත්  එහි විදුලි අධිකාරීවරයා අධිකාරිවරයා ඊයේ (27)  ඒ සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසියට  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

තලේමන්නාරම පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.