(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයක් කාර්මික දෝෂයකට ලක්ව පෙරලීයාමෙන් එහි සේවකයින් දෙදෙනකු තුවාල ලබා අද රෝහල් ගතකර ඇතැයි සභාවේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව මාවල සහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සභාවේ සුළු සේවකයින් දෙදෙනෙකු බව සදහන් වේ.
මාර්ගවල ඇති පලුදු පිලිසකර කිරීම සදහා කාපට් මිශ්‍රණ පටවාගෙන සභා පරිශ්‍රයෙන් පිටවයාම සදහා අසල ඇති කදු ගැටයක් සහිත මාර්ගයේ ඉහළට යාමේදී තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් පිටුපසට ඇදී ගොස් සමබරතාවය මිදී ටේලර කොටස වම්පසට පෙරලී ඇතැයි සදහන් වේ.
ටේලරය පෙරලෙන අවස්ථාවේ එහි සේවකයින් දෙදෙනා වාඩිවී සිට ඇති අතර, ටේලරය පෙරලීමත් සමගින් සේවකයින් දෙදෙනා උඩින් විසිවී ඇතැයිද එහි ප්‍රකාශකයා පැවසීය.
තුවාල ලැබු සේවකයින් 1990 සුවසැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර , පාද වලට සහ තුනටිය ප්‍රදේශයට තුවාල සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd