(ඩයනා උදයංගනී)
න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම සඳහාත්, සූර්ය බලයෙන් බස්රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාත් වන යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අනාගත බලශක්ති අවශ්‍යතාවය සඳහා විකල්පයක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සලකා බැලිය යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණය අනුව න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීම පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත්කර ඇති බවත්, කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශවකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබි් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ද අමාත්‍යවරයා පැවසීය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එමෙන්ම ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනයට වැයවන පිරිවැය අවම කරගැනීමේ පියවරක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගී කරගෙන ධාවනය කළ හැකි බස්රථ හඳුන්වාදීමට යෝජනා වී ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත ආවරණය වනපරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආරෝපිත විදුලිකෝෂ මගින් ක්‍රියාත්මක බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද කීය.
මේ වෙනුවෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, පළමුව විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් මත පදනම්ව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බව ද ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූසගෙ කරේ ගෙජ්ජියා එල්ලුව වගේ තියෙයි. ඕක කොහෙද හදන්නෙ කියන්න බලන්න.
මුන්ට පිස්සුද? මේ පුංචි රට ඇතුලේ එක න්‍යෂ්ටික බලාගාරයක් කාන්දු උනොත් මුලු රටම විනාශ වෙනවා. පුළුවන් තරම් පුනර්ජනනීය බලශක්ති භාවිතා කර ඉතුරු ටික ඉන්දියාවෙන් මිලට ගත්තත් කමක් නෑ ආරක්ෂිතයි
අති බයානක දෙයක්, ලංකාවෙ වගෙ පුංචි රටකට. සුදුසු නැත, චර්නොබල්, ෆකුශිම උදාහරණ බලන්න.
බරකාහ් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය පිහිටා ඇත්තේ අබුඩාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා හි අරාබි බොක්කෙහි, රුවයිස් නගරයේ සිට බටහිර-නිරිත දෙසින් ආසන්න වශයෙන් කිලෝමීටර් 53 ක් දුරින් ය. බලාගාරයේ APR1400 සැලසුම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි අවශ්‍යතාවයෙන් 25% දක්වා සපයනු ඇත. අපට බැටරි බැහැර කළ හැක්කේ කෙසේද?
නියම තීරණයක්, ඉස්සරහට ගියොත් ලංකාවට ගොඩක් ගැලපෙනවා.
(1 කොටස ) මිනිසාටම විශේෂිතවූ චර්යාවක් ලෙස අපි " සිහින මැවීම " හෙවත් ඉමෑජිනේෂන් හඳුන්වනවා.එදා මෙදාතුර මිනිස් සන්තානය පුරා නැගුන බොහෝ " සිහින " ඇත්තක් කර ගැනීමට මිනිසා සමත්වුනා.එය ඇත්තටම ආශ්චර්යයක් !!! එත් අද මම අදහස් දක්වන මාතෘකාව නම් මේ චුටි රමණිය ශ්‍රී ලංකාවේ විදුලිය නිපදවීමට නයෂ්ටිකබලය යොදාගැන්ම ගැනයි.නයෂ්ටික බලය ගැන මම වැඩිපුර අදහස් දක්වන්නේ නැහැ ,නමුත් එය " හොඳින් හිලෑ කරගතයුතු යක්ෂයෙක් " බව මම හොඳින්ම දන්නවා.නියෂ්ටික බලය උත්පාදනය කරන්න ක්‍රම 2 ක් පවතිනවා.ඒ තමයි නියෂ්ටික කණ්ඩනය සහ නයෂ්ටික විලයනය කියන ක්‍රම.නියෂ්ටික ඉන්ධන ලෙස අපි ප්ලූටෝනියම්,යුරේනියම් ..වැනි ඉතාමත්ම මිලාධික විකිරනශීලි සමස්ථානික යොදාගන්නවා.අපේ රටේ ඇති " තෝරියම් " වුනත් පිරිසිදු කරලා බලගන්වලා නියෂ්ටික ඉන්ධනයක් ලෙස යොදාගන්න හැකියි.මේ සඳහා" විශාල " මුදලක් සහ හොඳින් පුහුණුවූ , මේ ක්ෂේත්‍රයේ රැකියාකොට " විදේශයන්හි " බොහෝ අත්දැකීම් ඇති විද්‍යාඥයින් සහ තාක්ෂණික ශිල්පින් රැසක් අවශ්‍යය වෙනවා.මොකද ... නියෂ්ටික විදුලිය කියන්නේ ගල් අඟුරු යොදාගෙන විදුලිය නිපදවනවා වගේ " ප්‍රථමික " සෙල්ලමක් නොවන නිසයි ( 2 කොටසට )
වහල මත සවිකල හැකි වොට් 500 x 4 ප්‍රමානයේ සොල පැනල් කට්ටල ලක්ශ 10ක් තිබුනොත් මෙ විදුලිබල ප්‍රශ්නෙ 70% විසදන්න පුලුවන් , කොටස් වශයෙන් හො මේ ටික ගෙන්වගන්න මුදල් නොමති අපි කොහොමද න්යශ්ටික බලගර හඩන්නෙ? එකත් චිනට කියල හදවගෙන , ඒ කෙනුත් කොමිස් ගහල , එකත් නොරොච්චෝලෙ වගේ හිල් තිබෙන , එකක වුනොත් රටෙ ඉන්නත් නැහැ , චිර්නොබිල් වගෙ වුනොත් ලංකාවෙන් භාගයක්ම වහල දමන්නවෙවි , සංචාරකයො පැත්ත පලාතක එන එකක් නැහැ.
( 2 කොටස ) දැන් අපි ශ්‍රී ලංකාවේ ප්‍රමාණය බලමු.රටේ දිග කිලෝමීටර් 432 සහ පළල කිලෝමීටර් 22 යි.නියෂ්ටික බලාගාරයක භයානකබව අත්දැකිය හැක්කේ එහි විකිරණ කාන්දුවක් සිදුවුනොත් පමණයි.මේ අස්ථිර ලෝකයේ විකිරණ කාන්දුවක් ඇතිනොවේ යයි යමෙක් කිවොත් එය විහිලුවක්මයි.චාර්නොබිල්, පුකොශිමා බලාගාරවල ඇතිවුන විකිරණ කාන්දුවලින් නැතිවුන ජිවිත ගැන ඔබට මතක ඇති.තවමත් මරණය පෙනී පෙනී ජිවත්වන පිළිකා රෝගීන් ලක්ෂ ගණනක් !!! විකිරණ කාන්දුවකදී ඉන් පිටවන ගැමා කිරණ , අවට ඇති ජලය ,ආහාර ,සතුන් ,ගස්කොලන් පමණක් නොව හුස්මගන්න වාතයත් විෂ කරනවා . ( කන්ටමිනේට් වෙනවා ) ගැමා කිරණවලට කෙලින්ම නිරාවරනයවන මිනිසුන් පිළිස්සෙනවා, හමේ පිළිකා ඇතිවෙනවා , ලියුකිමියා රෝගයට වගේම තයිරොයිඩ් පිළිකාවට ගොදුරු වෙනවා.විකිරණයට නිරාවරණයවූ ආහාර,ජලය ගත්ත අය නොයෙකුත් දරුණු රෝගවලට ගොදුරුවෙලා මියයනවා . මේ ඇති.දැන් ඔබට වැටහෙනවා නේද මේ නපුරු යක්ෂයා "නියම වෙලාවට " හිලෑ කරගන්න බැරිවුනොත් වන විනාශය. ජාත්‍යන්තර පරමානුබල නියාමන අධිකාරියේ නීති රැසක් තියෙනවා ......( අවසාන කොටසට )
නුවර තමයි හදන්න හොඳම... ලංකාවටම එකක් ඇති එහෙම වුණොත්...