(අංජුල මහික වීරරත්න)
යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිලිකා රෝහල් හතරක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අදාල රෝහල් පිහිටුවීම සඳහා සුදුසු ස්ථාන තීරණය කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන්නැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
අදාල දිස්ත්‍රික්ක ආශ්‍රිතව විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදුන් උපදෙස්වල සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් වොක්ස්වැගන් ෆැක්ටරි හතරක් .(චන්දයට පෙර )
අලුතෙන් හදන්න ඉස්සෙල්ලා තියන එක හරියට පාලනය කරල අවශ්‍ය බෙහෙත් ටික දීල ඉන්න .
මහනුවර ජාතික රෝහලට අනුබද්ධව හදන පිළිකා රෝහල අවුරුදු 10 කට වැඩිය ඇදෙනවා වැඩ ඉවර කරගන්න සල්ලි නැතුව.
සල්ලිත් නැතිනම් බොරු කයිවාරු නතර කරලා දැනට තියන රෝහල් වලට බෙහෙත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් ටිකවත් දෙන්න
කෘෂි භෝග වලට දමන විෂ පොහොරත් ,ආහාර රසවත් කිරීමට දමන රස කාරකත් තහනම් කලොත් මේ පිළිකා නතර කරන්න පුළුවන්
රෝහල් හදන එක හොඳයි ඒත් පිළිකා ඇතිවීමට හේතුව වැළැක්වීමට ලොකු කැප කිරීමක් කළ යුතුයි.
සිරි ලකට වින කරන බලගතුම පිළිකාව -රනිල්
චන්දෙ දිනන්න බැරි ජනාදිපති බෙහෙත් නැති ඉස්පිරිතාල වගෙයි.
මම කිව්වනෙ. මු හොදයි මොන්ටිසොරි ලමයින්ට සුරන්ගනා කතා කියන්න. බුරුවො.. චන්දෙ තියන්න සල්ලි නෑ, බෙහෙත් ටික දෙන්න සල්ලි නෑ, නය ටික ගෙවන්න සල්ලි නෑ, පිලිකා රොහල් 4 ක් හදන්නෙ ඔබෙ අහවල් එකෙන්ද?
අනේ නිකන් බොරු නොකර ඉන්නව.
අනේ නිකන් කයිවාරු ගහන්නේ නැතුව තියන රෝහල් ටිකට බෙහෙත් ටික දෙන්න බලන්න.කාලකන්නි රනිල් රාජපක්ෂ රට කෑවා
තියන රෝහල්වලට අවශ්‍ය බෙහෙත් හරියාකාරව සපයන්න බැරි මේ රනිල් ආණ්ඩුව, පිළිකා රෝහල් හතරක් ඉදි කරන්න යන්නේ.
තුවාලෙකට බෙහෙත් දාන්න ප්ලාස්ටර්වත් ඉස්පිරිතාලෙ නෑ .මූ මොන ලෝකෙද ඉන්නෙ .
දැන් සුර පප්ප චිත්‍ර පටිය සෑම නගරයකම කුනු වල ලග පෙන්වනවා ඇත. එතුමා කටින් රොහල් හදනව රොගින් බෙහෙත් නැතුව දුක්වින්ඩිමින් මියැදෙනව