(සුජිත් හේවාජුලිගේ )
වෛද්‍යවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් සමහර ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් පශ්චාත් සීමා වාසි පුහුණුවේ ඉන්න පිරිස බඳවා ගැනීම දැනටමත් ප්‍රමාදයි. ඕක මහලොකු අරුමයක් නෙවෙයි .
වෛද්‍යවරුන් 20000 ක් බඳවා ගත්තත් ප්‍රයිවට් ගිහින් තමයි ලෙඩ හොඳ කරගන්න වෙන්නේ .ඔය රෝහල් ටිකත් විකුනලා දැම්මොත් හොඳයි
බුද්ධිමත්ව සහ විචක්ෂණශීලීව බැලුවොත් පේනව රටේ ඔය කියන තරම් වෛද්‍ය හිඟයක් නෑ. බොහොම කාලයක ඉඳල හිඟයක් මවල තියෙන්නෙ. වෛද්‍යවරුන්ට පැමිණීමේ ලේඛන නැ. ඇඟිලිසලකුණු යන්ත්‍ර නැ. උදේ 9 ත් පහුවෙලා වැඩට එන්නෙ. තිම්බිරිගස්යාය හන්දියෙ හවස 4 ට බලාගන්න පුලුවන් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගෙ වාහන සවස 4 වෙනකොට එතනින් යනව. ඒ කියන්නෙ රෝහලෙන් පිට වෙල තියෙන්නෙ අඩුම 3.40 ට. දන්ත වෛද්‍යවරු උදේ 8 දවල් 2 . ඉන් පස්සෙ රෝහලේ නෑ. සති අන්තෙ නිවාඩු. වැඩකර්න්නෙ ලොකේ කොහෙවත් නැති අමුතුම වැඩමුර වලට.හරියට බැලුවොත් මසේට දවස් 10 ක්වත් වැඩ කරල නැ. සතියෙ දිනවල උදේ 8 සවස 4 රැකියාව කරන අයෙක් තරම්වත් පැය ගනනක් සේවයේ යෙදිල නෑ.නිවාඩු යන්න ඉල්ලුම්පත්‍රයක්වට්ත් පුරවන්නෙ නැ. හැබැයි ඔය හැමෝම මාසෙට අතිකාල පැය 120 ක් එ කියන්නෙ රුපියල් ලක්ෂයක් අතිකාල විතරක් ගන්නව අඩුම. ඉතින් උඩින් බැලුවම වෛද්‍යවරු හිඟයි තමා. නමුත් පුද්ගලික කඩවල බලන්නකො හිඟද කියල. අතිකාල ගෙවනවනම් ඒ පැය ගානට ඇත්තටම සේවය කරන්න නීති දන්න ඔනි. නැත්තම් වැඩකරන පැය ගානට විතරක් ගෙවන්න ඔනි.