‘රටේ එකම නීතියක් තිබිය යුතුයි’
රටේ එකම නීතියක් ස්ථාපිත කරමින් දළදා වහන්සේගේ අයිතිය නිකායවලින් බැහැර කර එය ජනසතු කළ යුතු බවත්, එහි සියලු ආවතේව කටයුතු මහා සංඝරත්නයට පැවරිය යුතු බවත්, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ බෞද්ධ හිමිකම් පිළිබඳ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසූහ.