කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.