(අංජුල මහික වීරරත්න)
නොවැම්බර් අග වන විට පොදු ජනතාව රජ කරවන යුගය නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රණාල ජල්තර දී අද (12) පැවසීය.
ජනතා ආශිර්වාදය මත 2020 වන විට සැමට සෙවණ ලබාදීමට ද තමා පොරොන්දු වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේය.
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ රණාල ජල්තර ‘ග්‍රීන්වැලි රෙසිඩෙන්සීස්’ මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයකදීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනය පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු හතරමාරක් පොල් ගෑවද ?
මට මතකය් 80 ගණන්වල බෝඩ් ගහල තිබුන "වසර 2000 දී සැමට නිවාස" කියල මෙතුමාගේ තාත්තගේ කාලේදී.
මේ අවුරුදු පහේ රජ කෙරෙව්වේ හොරුනේ නේද?
අනේ සමනල්ලු ටික දවල් හීන දකිනවා. දැන් ඉතිං මෙහෙමවත් කියලා සතුටු වෙමු.
මේ වනවිට පොදු ජනතාවට කෙළවෙන විදියට වැඩකරපු මේ අය නොවැම්බර් වෙනකොට ජනතාව රජ කරවන යුගයක් ගැන කතා කරන්නේ... අම්මපා පශ්චාත් භාගය පැත්තෙන්ද නැත්නම්...? මේවගේ ගොන් කතා කියන්න හරිම රුසියා.. සූත්තර පුංචා... දැන් බැලුවාම සජිතුත් ඊට දෙවෙනි නැති කතානේ කියන්නේ...
රජ කරවන එක කෙසේවෙතත්, ටයර් යුගය නැවත පටන් ගනීද දන්නේ නැහැ. එකම පුතානේ !!!
උස සිකුරිටි කොට කම්කරු කිව්වේ මෙමානේ..// පුරවැසියන් සියලුම නැතිකෙරුවේ 225 අපිමනේ..// දැන් කැරට් ටෝක් දෙන්නේ සුත්තරයාගේ අදහස්නේ..// හැම අපි කතාව පශ්චාත් භාගය පැත්තෙන් බවනේ..//
ඔව් ඉතින් දැන් අවුරුදු හතර හමාරක්ම ඔහෙලා රජවෙලා මහබැංකුවත් සුරන් කාලා ඉවරයිනේ. දැන් ඉතින් මොකා රජ කළත් මොකද? ඔක්කොම සුද්ද කරලා ඉවරයි. ජනතාවට රජවෙලා කරන්න ඉතිරිවෙලා තියෙන්නේ සුද්ද කරපු තැන්වල මල් හිටුවන්න තමයි.
රවීන්ද්‍රා හෝ රවීන්ද්‍රට උස සිකුරිටි. මිටි කම්කරු කියා කිව් දෙයවත් තේරුම් ගැනීමට තරම් මොළයක් නැතිවුයේ පරම්පරාවම කට්ටියකට වහල්කම් කල නිසා කියල හිතෙනවා. මෙතුමා මෙහිදී උස කියා කිව්වේ උසස් අධ්‍යාපනයක් ඇති කියන එක ඉහල අධ්‍යාපනයක් ගැන. මිටි කිව්වේ පහල අධ්‍යාපනය ගැන. සාමාන්‍යයෙන් අත්දැකීම් ඇති ඕනෑම කෙනෙක් දන්නවා. රජයේ ආයතනයකට ආරක්ෂාවට ගන්න කෙනාගේ අධ්‍යාපනය ඉහල බවත් කම්කරු රැකියාවට ගන්නා කෙනාගේ අධ්‍යාපන තත්වය පහත් කියලත් තමා.
මෙවර පත්වන කිසිම ජනපති කෙනෙකුට තම න්යායපත්රයට අනුව ක්‍රියා කිරීමට නොහැකි වන ලෙස ජනපති බලතල 90% ක් පාර්ලිමේන්තුවට ලබාදී 19 - සම්මතකර ඇතිබව දැන දැනත් මෙයාල වියරු බයිලා ගහන හැටි පේනවද? මින් ඉදිරියට පාර්ලිමේන්තු අනුමැතියෙන් පත්වන ජනපති කෙනෙකුට සුදුසු බලතල දී ජනපතිවරණය නවතා පාර්ලිමේන්තු නියෝජිතයින් නඩත්තු කරන්න යන වියදනුත් හැකිතාක් අඩුකර ජනතා මෙහෙවර කළයුතුව ඇත. ජනපතිගේ න්‍යාය පත්‍රය අනුව කරනවා කියන්නේ ඒකාධිපති විමක්නේ. පාර්ලිමේන්තුව බල ගන්වනවා කියන්නේ ආණ්ඩු හා විරුද්ධ පක්ෂ වල මත ගැටුම නොහොත් ජනමතයේ සම්ප්‍රයුක්තය රජකරවීම නොහොත් ප්රජාතන්ත්රවාදය රජකරවිමයි.
අපි ඔක්කොම රජවරු එහෙමද? යහපාලනයට සපෝට් කරලා ආපසු හැරුණු මිනිස්සු මට මෙතනදීම හම්බවෙලා තිබෙනවා. නමුත් ශ්‍රීලංකා පක්ෂයේ ඉඳලා එජාපයේ ගොබ්බයෙක් නම් තාම හමුවුනේ නැහැ.