(මුදිතා දයානන්ද)
රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, ඔහු තමන්ට අභියෝගයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (12) පැවසීය.
ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු සතුවිය යුතු සුදුසුකම් ලෙස මහානායක හිමිවරුන්, කාදිනල්තුමා ඇතුළු ආගමික නායකවරුන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ කිසිවක් මේ අපේක්ෂයාට නැතැයිද විජිත හේරත් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ජවිපෙට අභියෝගයක් වියහැකිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
“ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මූල්‍ය විනයක්, පරිපාලනයක් විනයක් නැති තමන්ට හිතෙන පරිදි වැඩකරන නායකයෙක් බව ඉතිහාසයේදි ඔප්පු කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා මෙවැනි පුද්ගලයෙක් විය යුතු යැයි දක්වමින් නාපාන පේමසිරි මහානාහිමි ඇතුලූ මහානාහිමිවරු බහුතරයකාගේත්, කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අත්සනින් යුතුව ප්රකාශනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වෙනවා නඩුවලින් වැරදිකරුවෙකු හෝ නඩුපවතින හෝ අයෙක් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කරන්න එපා කියලා. ඒ සුදුසුකමක් මේ අපේක්ෂකයාට නැහැ.
පසුගිය දශක කීපය පුරා මේ රට පාලනය කළ පාලකයින් අපේ ආර්ථිකය දුර්වල කළා. විදේශීය ණය දවසින් දවසම වැඩිකළා. රාජපක්ෂ පාලනය යටතේ බිලියන 7000 කට ආසන්නව පැවති රාජ්‍ය ණය ප්‍රමාණය මේ වනවිට බිලියන 12000ට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩිවෙලා. සංස්කෘතිය බිඳ වැට්ටුවා. ජාතික සමගිය බිඳ වැට්ටුවා. ජාතිවාදි ගැටුම් නිර්මාණය කළා. මහජන ආරක්ෂාව දුර්වල කළා.
මේ පාලක කණ්ඩායම් දෙකම එකට තබා පැරදවිය හැකි විකල්ප බලවේගයකට සමාජයේ ඉඩක් තිබෙනවා. සමාජය එවැන්නක් ඉල්ලා සිටිනවා. අපි ජනතා විමුක්ති පෙරමුණ තවත් වාමාංශික පක්ෂ, විද්වත් සංවිධාන, සිවිල් සංවිධානය ඇතුළු පක්ෂ හා සංවිධාන 28 ක් එකතු කරගෙන ජාතික ජනබලවේගය ගොඩනැගුවේ ඒ හිඩැස පිරවීමටයි.
2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්නේ මේ ජාතික ජනබලවේගය ලෙසයි. ජාතික ජනබලවේගයේ සියලු සංවිධාන නියෝජිතයන්ගේ එකඟතාවයෙන් දැනටමත් අපේක්ෂකයා තෝරා අවසන්. අපි එය 18වැනිදාට ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළියේදි ඉදිරිපත් කරනවා. ඔහුට මහානායක හිමිවරු ඇතුළු ආගමික නායකයින් ඉදිරිපත් කළ සියලු සුදුසුකම් තිබෙනවා” යැයිද ඒ මහතා පැවසීය.
මෙහිදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
ප්රශ්නය - ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයා දේශපාලනය කරන කෙනෙක්ද?
පිළිතුර - අනිවාර්යයෙන්ම. දේශපාලනය කරන කෙනෙක් මිසක් වෙනත් කෙනෙක් ජනාධිපති වීමට සුදුසු නැහැ. දේශපාලනය කරන ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හඬක් නගන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයෙක් විය යුතුයි.
ප්රශ්නය - මෙවර ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙනවා වගේ තමයි පේන්නේ. එහෙම වුණොත් එකම අපේක්ෂකයෙකුටවත50% ගන්න බැහැ නේද? එහෙම වුණොත් නැවත මැතිවරණයක් පවත්වන්න සිදුවෙනවා නේද?
පිළිතුර - නැහැ. එවැනි අවස්ථාවක ක්‍රියාකරන ආකාරය ගැන ප්‍රතිපාදන මැතිවරණ කොමිසමට තිබෙනවා. දෙවැනි මනාපය ගණන් කිරීම එවැනි එක් ප්රතිපාදනයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටවල් විතරයි කරගන්න පුළුවන් දෙයක් නොමැත.
ඔයාලට කෙසේ වෙතත් ගෝඨාභය මහත්මයට නම් ඔබලා අභියෝගයක් නැති බව නම් පොඩි ළමයින් පවා දන්නවා.
ඇයි මේ ඔක්කොම කලබල වෙලා?
මේ... රතු මල්ලියේ අනිකාගේ දුර්වල කම් ගැන මොකටද? තමුන්ගේ පැත්තෙන් පිස්සුබලු තරගෙට එන බල්ලාගේ දුර්වලකම් ගැන කතා කරනවකෝ..
ඔව් ඔව් ඔයා මේ කියනකන් හිටියේ අපි දොහොත් මුදුන් දීලා පිළිගන්න. හාමුව බේරගන්න එහෙට, මෙහෙට දුවලා කරපු විගඩම් අපි ඔක්කොම දැක්කා ඔයාගේ...
ඔයාලා වගේ විහිළු කාරයොත් ඉන්න එක හොඳයි. මහජනතාවගේ ලේ පිරිසිදු වෙන්න.
තමුන්නාන්සේලා මේ වෙනකොට දේශපාලනය කරන්න අරගෙන අවුරුදු ගාණක් වෙනවා. එතකොට කියන්න බලන්න අප්පුහාමිලාට අභියෝගයක් වුණේ කවුද කියලා. බය වෙන්න එපා මහත්තයෝ ඔබතුමාලට බලය දෙන්න තරම් රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මොඩයින් නෙමෙයි.
මේ සැරේවත් කොන්ද කෙලින් තියාගෙන වෙන ඕන කෙනෙක්ට දෙන්න. රාජපක්ෂ පවුල රකින්නේ නැතුව...
සිත නිවන කතා...
ඡන්ද පදනමක් නැති රතු අලි, රනිල්ට කඩේ ගිය රතු අලි බයිලා ගහනවා.
අපේ රටේ ජනතා ආකල්ප ලෝකේ වෙන කොහේවත් නැහැ. පොහොට්ටුවෙන් වෙලේසුදාව දාලා UNP එකෙන් සක්විතිව දැම්මත් ඔය දේකට තමයි ඡන්දෙ දෙන්නේ... අවුරුදු 71ක් තිස්සේ රට දියුණු කරගන්න බැරි වුනත් ඔය දේකට තමයි ඡන්දෙ දෙන්නේ...
තමුන්නැහෙලාගේ ටකරං කතා අහලම දැන් අපිට එපා වෙලා. බල්ලන්ට ඇති වැඩකුත් නැහැ... හෙමින් ගමනකුත් නැහැ.
දුර්වල අපේක්ෂකයා කියන කතාව නම් සහතික ඇත්ත. කෙලින් හිටගන්න බැරි, නඩුවලට බයේ හැන්ගෙන, හමුදාවෙන් පැනලා ගිහින් ඇමරිකාවේ හැංගුණු, ගොත ගහගහ කතා කරන, ඇස් පේන්නේ නැති, ලෙඩ වාට්ටුවක් ජනපති කරන්න මේ රටේ මිනිස්සුන්ට මොලේ අමරුවක් නෑනේ. අනික හිටපු ඇමරිකන් පුරවැසියෙක් කියන්නේ ඇමරිකාවට ඕනෑදෙයක් මෙහේ කරන්න ඉඩ දුන්නා වගේ. රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක්..! හැබැයි ඇමරිකාවට නම් හොඳයි..!
බබාලත් ගහගන්නකොට ඔය කතා කියනවා. මම බය නැහැ කියලා. කරුණාකර ඔබලාගේ ප්රතිපත්තිවල ඉඳන් වැඩ කරන්න. එකඑකාට බනින්නේ නැතිව හා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් ඇති අයත් සමග එකතු නොවී..
රටේ ජාතික ආරක්ෂාව මුල්ම තැන තියන්න පුලුවන්.. එය කරලාම ඔප්පු කළ කෙනෙක් තමයි ඕනේ. ඔය බොරු චෝදනාවලට මේ පාර ජනතාව පිළිතුරක් දෙන්නේ ජේ.වී.පී.එකේ තිබ්බ ආසන ගානත් නැති කරලා. මොකද ඔබලාගේ රංගනයත් එළිවෙලා තියෙන්නේ. විශ්වාස භංග නාඩගම් නිසා...
හොඳයි ගෝඨාභය ජනාධිපති... මහින්ද අගමැති. චමල් කතානායක.. බැසිල් සංවර්ධන සහ ආර්ථික කටයුතු ඇමති.. නාමල් පළාත් පාලන ඇමති. රටම උගස් තියමු.
අර පහුගිය කාලේ චීනේ ගිහිල්ලා හීතලයි කියලා මදුවිත ස්පර්ෂ කලේ මෙයාද? මේ ලෝකේ රහක් නැහැ දැන්.. නම්.
අපොයි මාත් ඕගොල්ලන්ට එක ඡන්දයක් දුන්නා. ඊළඟට යහපාලනයටත් දෙකක්ම දුන්නා. නොදකින් කියලා මට මං ගැනම හිතෙනවා..
දේශපාලනයේ ඉන්න කෙනෙක්මද දාන්නේ? මොකද සිස්ටම් චේන්ජ් එක අතෑරියාද? වැසිකිලි හෝදන එක නවත්තලා ආයෙත් ජවිපෙ... දේශපාලනය කරමුද?
දුර්වල අපේක්ෂකයා කියන කතාව නම් සහතික ඇත්ත. නඩුවලට බයේ හැන්ගෙන, හමුදාවෙන් පැනලා ගිහින් ඇමරිකාවේ හැංගුණු, ගොත ගහගහ කතා කරන, ඇස් පේන්නේ නැති, ලෙඩ වාට්ටුවක් ජනපති කරන්න මේ රටේ මිනිස්සුන්ට මොලේ අමරුවක් නෑනේ. අනික හිටපු ඇමරිකන් පුරවැසියෙක් කියන්නේ ඇමරිකාවට ඕනෑදෙයක් මෙහේ කරන්න ඉඩ දුන්නා වගේ. රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක්..! හැබැයි ඇමරිකාවට නම් හොඳයි.. ජවිපෙ ප්රමුඛ සංධානයට රට සංවර්ධනය කරන්න පුළුවන්..
දුෂණ වංචා නඩු තිබෙන කෙනෙක් ඉදිරිපත් කරන්න එපා කියන දේ නොවෙයි ආණ්ඩුක්‍රම නීතියේ කියන්නේ.එවැනි කෙනෙකුට රාජ්‍ය සේවයේ යෙදෙන්න ,බඳවා ගන්න නොහැකිය කියලයි .
ගිය ඡන්දෙට එක ආසනයක්වත් දිනාගන්න බැරිවුණා අයට කොහෙද අභියෝග?
හතලිස් අට වසක් අපි ඔය අය සමග ගමනක් ගියා නිදහස සොයමින් සබද මුලදී අපිට දුන් ඔවදන් පෙළ නිබද අපි රැක ගතිමු පන මෙන් නොදෙවෙනිව හද. අවි ගත්තෙමු යුද වදිනට නිදහසට අපි මැරුනෙමු හිවලුන් මැරෙනා ලෙසට මැරුන අපගේ ලෙය තවරා ගෙන යසට ඔබ වැජබෙයි අලියන් සමගින් යසට
අවලංගු වූ පරණ කාසියක්.
එක පාරක් ආසන 40ක් දිනා ගත්තා කරුණාකරල කියනවද ඉන් පස්සේ 10ක්වත් ගන්න බැරිවුන හේතුව. අවු.54ක් පරණ දේශපාලන පක්ෂයක්!. ජනාධිපතිවරණ වලදී 5%ක් ඉක්මවන්න පුලුවන්ද කියල හිතන්න. හැමදාම එකතැන පල්වෙන පක්ෂයක්.
නඩු තියෙන කෙනෙකුට ජනාදිපති වෙන්න පුළුවන්ද? දන්නේ නැති නිසා අහන්නේ.
අපි ඉස්සර පහල බාලාංශ පන්තිවල සිටිද්දී ඔය වගේ කතා කියවුනා .
දුර්වල කවුද කියල නොවැම්බර් බලාගමු. යථාර්තයට, ඇත්තට, හරි දේට ගරු කරන්න පුරුදු වෙන්න
මේ දෙතුන් දෙනා ඉන්නකම් ජවිපෙ ගොඩගන්න බැහැ. මේ අය දන්නා දේශපාලනයක් නැහැ. ගොවි කම්කරු ශිෂ්‍ය රාජ්‍ය සේවකයන්ගේ හද ගැස්ම අඳුනන්නේ නැති පිරිසක්.
එයාගේ දුර්වලකම් අපි දැක්කා පසුගිය කාලයේ. ඒක නිසා තමා කොළඹ හොඳම නගරය බවට පත් උනේ.
ගොන් වැඩමයි කරන්නේ. පිටිපස්ස අතගාලා බලන්න නගුටක් තියනවද කියලා...
ඔන්න මල්ලිලා දැම්මම බයවෙලා වගේ..., ඔයාලා පහුගිය කාලේ කඩේ ගියවිදිය ජනතාව දැක්කා, දැන් බුරලා වැඩක් නැහැ.