(ජයමාල් චන්ද්‍රසිරි)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අසළ බ්‍රිස්ටල් වීදීයේ එක් තීරුවක් මේ වන විට වසා දමා තිබේ.
අද උදෑසන කොළඹ කොටුවෙන් මෙම උද්ඝෝෂණය ඇරැඹි අතර අනතුරුව ඔවුහු පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණියහ. එම අවස්ථාවේදී ‘ලෝටස්‘ පාරද වසා දැමිණි. ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී බලධාරීන් සමඟ සාකච්ඡාවකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඔවුහු අනතුරුව ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණියහ.
රැකියා ලබා දීම සඳහා කටයුතු කරන මෙන් ඉල්ලා ඔවුන් විරෝධතාවයෙහි නියැලී සිටින අතර මේ සඳහා උපාධිධාරීහු 250 කට අධික පිරිසක් එක්ව සිටිති.
පොලීසිය, කැරලි මර්ධන ඒකකය මෙහි ආරක්ෂාවට කැඳවා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කිසිම දියුණු රටක උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදී ඉන්පසුව රැකියාවත් බන්දේසියේ තබා පිරි නමන්නේ නැහැ. තමන් උගතුන් නම් ඇයි පුද්ගලික අංශයේ රැකියාවකට නොයන්නේ. පිටරට ළමයින් කම්කරු රැකියා අර්ධකාලීනව කරමින් අතින් මුදල් ගෙවා ඉගෙනගෙන සුළු රැකියාවක් වුනත් භාර ගෙන තමන් ගේ එදිනෙදා වියදම සොයා ගන්නවා. අපේ උදවියට මහා ඒජන්ත කමින් එහා මිසක් ඊට සුළු තනතුරක් මදි. තමන් ගේ උත්සාහයෙන් රැකියා වෙළඳපොළට හරියන දෙයක් ඉගෙන නොගෙන , ආණ්ඩුවටයි, රැකියා කරන මිනිස්සුන්ගේ මුතුන් මිතතන්ටයි බනිමින් ඉඳලා පලක් නැහැ.
උපාධිදාරීන් අතලොස්සයි ඉන්නේ. ඇයි මේ ළමයින්ට රක්ෂාවක් දෙන්න බැරි? උපාධියක් තියනව රක්ෂාවක් නැහැ. දෙමව්පියන් තාමත් ළමයි නඩත්තු කරන්න ඕන.