(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.
ඒ අනුව නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, ඇලපාත, කිරිඇල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල හා යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම අවදානම මතුව ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම නාය යනකොට මහා ගොඩනැගිලි එහෙම ඒවායේ ඉන්න මිනිස්සුත් එක්කම පොළොවටම කිඳා බහිනවලු නේද? නෑ මං නිකම් කිව්වේ එහෙම ගිලා බහින්නේවත් නෑ නොවැ කියා කියා මිනිස්සු හූල්ලන තැනක් ගැන කල්පනා වෙලා.