(රංජන් කස්තුරි)
ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ෆේස්බුක් හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවද දේශප්‍රිය මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද යෝජනාවක් වගේම ඉතා හොද වැඩපිළිවෙලක් අකුරටම ක්‍රියාත්මක කරන්න ලැබුනොත් රටට ජනතාවට සුභ අනාගතයක් .රොහාන් දයාදර පැරිස්
බොහොම හොද තීරණයක්. මැකෝගේ එම තීරණය අප අගය කරන්නෙමු.
දේශපාලකයින් ආදර්ශමත් ලෙස එකිනෙකාට මඩ නොගසා තමන්ගේ ඉදිරි ජාතික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩපිළිවෙල පමණක් ඉදිරිපත් කළා නම් හොදටෝම ඇති ....... රොහාන් දයාදර පැරිස්
ඉතා හොදයි ජයවේවා
සමාජ මාධ්‍ය හරහා අමුතුවෙන් මඩ ගහන්න දෙයක් නෑ. එයාලම දෙපැත්තට බෙදිලා මඩ ගහගන්න ගත්තම... අද යූන්පී රැළියේදි තමන්ගේ ප්‍රතිපත්ති සහ දේශපාලන දැක්ම ඉදිරිපත් කරනවා වෙනුවට කළේ පොහොට්ටු රැළියේ අඩුපාඩු ගැන කියපු එක. තමන්ගේ සුදුසුකම් පෙන්වා දෙනවා වෙනුවට කරන්නේ ප්‍රතිවාදියාගේ වැරදි අඩුපාඩු ගැන කියන එක. තමන්ට නිවැරදි දැක්මක් තිබේ නම් අනිකුත් අපේක්ෂකයන් අදාළ නැහැ නේද?
කරන්න පුලුවන්නම් ගොඩක්ම හොදයි. නමුත් ඉතින් මඩ ගහනවා කියලා හරියටම නිගමනයකට එන්නේ කොහොමද.? මඩ ගැහිල්ල මනින මිනුම් දණ්ඩ මොකක්ද.?
ඊට ඉස්සෙල්ලා උසාවියක විභාග වන දුෂණ වංචා නඩු තිබෙන විදේශීය පුරවැසි පුද්ගලයෙකුගේ අපේක්ෂකත්වය පිළිගන්නවාද නැද්ද කියා ඔබට තීරණය කරන්න වෙනවා .
අපේක්ෂකයන් ද්විත්ව පුරවැසි නොවන බවට සහතිකයක් ඒ ඒ රටවල ආගමන විගමන අමාත්‍යංශ වලින් ලබාගන්න.
අනේ මැකෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නම් නැතිකරන්න එපා. එකෙන් වෙන්නේ ඒ අය ගහන බයිලා අහල මිනිස්සු අන්ධානුකරණයෙන් ඡන්දෙ දෙන්නේ. පුළුවනි නම් මැතිවරණ වේදිකා වල මඩ ගහන එක නතර කරන්න. අපි වගේ ස්වාධින මත ධාරින්ටත් අවස්ථාවක් දෙන්න. මොකද අපි කියල වේදිකාවලට යන්නද අපේ මතය ප්‍රකාශ කරන්න?
මඩ ගහනවා යන්නෙන් ඔබ අදහස් කලේ කුමක්ද
සමාජ මාධ්‍ය වල යන ගොඩක් දේ ඇත්ත