(ඔගස්ටින් ප්‍රනාන්දු)
හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ආනමඩුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුලාංගිකා ජයසිංහ මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබූයේ කරුවලගස්වැව මුරුක්කුවටවන පදිංචි ඒකනායක මුදියන්සේලාගේ ඩීමන්ත විමුක්ති ඒකනායක නමැති මන්ත්‍රිවරයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබී තිබු තොරතුරක් මත එම ඒකකයේ නිලධාරීන් අද ( 12 දා ) දහවල් ආනමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල්වංගුව අසල දි සැකකටයුතු ලෙසින් ගමන් ගත් ත්‍රිවිල් රථයක් නවතා සිදු කළ පරීක්ෂාවක දි සැකකාර මන්ත්‍රිවරයා හෙරෝයින් මත්කුඩු මිලිග්‍රැම් 700 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙවන් පාපතරයින්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි... මේ හැත්ත තමන්ගේ දරුවන් මෙම වුවදුරෙන් බේරිලා ඉන්නවා යයි මෝඩ සිතුවිලි තිබෙන මේවගේ බල්ලන්ව මොනපාට වුනත් සදහට ඇතුළට දමන්නේ නම් මොන තරම් හොඳද..?
අනාගතේ ඇමැතිකමට සුදුසුයි,
මොහුට උපරිම දඩුවම් දෙන්න.
දැඩි දඬුවම් දියයුතුය. නමුත් මිලිග්‍රෑම් 700 කුඩු තොගයක් කියන්නේ කෙසේදැයි නොදනිමි පැනඩෝල් පෙත්තේද ඇත්තේ මිලිග්‍රෑම් 500කි.
දැන් තේරෙනවනේද මොකද එක්සත් ජාතික පක්ෂය කුඩු කාරයින්ට මරණ දඬුවම දෙනවට විරුද්ධ කියල?