(නිශාන්ත කුමාර)
මීගහකිවුල උඩරඹුක්කැටිය ගම්මානය වෙත අද (12) පස්වරුවේ සිමෙන්ති තොගයක් රැගෙන ගොස් ආපසු එමින් තිබූ ලොරි රථයක් අඩි 75 ක් පමණ පහළින් වූ ප්‍රපාතයක පිහිටි නිවසක වහලයක් මතට කඩා වැටී අනතුරට ලක්ව ඇති අතර ඒම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පිටතට පැන දිවි ගලවාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය වන අවස්ථාවේ ලොරිය කඩා වැටුණු නිවසේ සාලයේ සිටි කාන්තාවක් ලොරිය පෙරළෙන හඬ ඇසී නිවසින් පිටතට පැන දිවි ගලවා ගෙන ඇත.
අනතුරින් ලොරි රථයට හා නිවසේ වහලයට ,බිත්ති වලට හා ගෘහ භාණ්ඩ වලට බරපතල හානි සිදුව ඇත.
ලොරි රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටුනා වගේ. ඒ දුප්පත් මිනිස්සු අටවාගත් ගෙදරට වුන දේ. රජයෙන් ඉදිරිපත් වී නිවාසය නැවත ඉඳිකර දෙන්න. අනේ ඒ පවුලට හිසට වහලයක් නැතුව ඉන්නේ කොහොමද? ලොරිය රියදුරා ගැනත් දුකයි. කාර්මික දෝෂයක්නම් මොකක් කරන්න්නද? මේ වගේ විපත් වුවන්ට පිහිට වෙන්න වෙනමම ප්රතිපාදන රජය සතුව තිබිය යුතුයි.