(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 අද (13) පස්වරු 4.00 සිට ජලයෙන් යට වී ඇති බව පොලිසිය පැවැසීය.
ජයසුන්දරඕවිට ප්‍රදේශයේ විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව පොලිසිය කීය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවැලි ගඟේ ජලයෙන් කොටසක් උතුරු මැද පළාත හරහා උතුරට හරවා ගන්න ලැබුනොත් කොපමණ වාසනාවක්ද? එතකොට උතුරේ දක්ෂ ගොවියන්ට විශාල වශයෙන් එළවලු පලතුරු නිෂ්පාදනය කර තම ආර්ථිකය ශක්තිමත් කරගන්න ගමන් අනිත් පළාත්වල පුරවැසියන්ට සහන මිලකට හොඳ කෘෂි නිෂ්පාදන මිලට ගන්න පුළුවන් නේද ? නමුත් උතුරේ සිටින විග්නේශ්වරන් වැනි දේශපාලකයන් මෙවැනි හොඳ දෙයකට තම කාලය සහ ශ්‍රමය යොදවන්නේ නැතිව කරන්නේ ජාතින් කොටවන එක
අර වතුර, කඳුළු ගෑස් කකා කොළඹ රස්තියාදු වෙන කොල්ලෝ කෙල්ලෝ ටිකයි, තරුණ හාමුදුරුවරු ටිකයි ගෙනැල්ලා වැලි ගෝනි ටිකක් පිරෙව්වොත් නරකද?
අනේ විද්‍යා මහත්මයෝ, ඔවුන් කැමති කොළඹ ඉඳන් පොලිසියේ වතුර වලින් නිකන්ම නානා ඉඳන් රජයේ රැකියාවකට මගපාදාගෙන නිකන්ම කාලේ කාලා මාසේ අන්තිමට පඩිය අරන් විශ්ව විද්‍යාලයේදී නවකයින්ට දුන් වදයට වැඩි වදයක්, ආයතන වල වැඩකරගන්න එන පුරවැසියන්ට දෙන්න, ඔය වගේ වැලි කොට්ට උස්සන මිනිසුන්ට උදව් කරන වැඩවලට ඔවුන් කැමති නැත...