කටුනායකට පැමිණි 3491 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට
ගෙවී ගිය දින 12 ක කාලය ඇතුළත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සදහා, රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණි පිරිස සඳහා 10 දින අලුයම 4.00 සිට ආරම්භ කර තිබූ නීරෝධායන කටයුතු අද(22) දින සවස 3.00 ට නිල වශයෙන් නිමාවට පත් කළ බව ද ඒ මහතා කීවේය.