(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
වර්තමානයේ රට පවතින තත්වය හේතුවෙන් දැනටමත් අපනයනයට සූදානම් කර ඇති භාණ්ඩ අපනයනය කළ නොහැකිව සිටින ව්‍යාපාරිකයක් සඳහා සහනයක් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති බව වාරය හා නාවික කටයුතු මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අපනයනකරුවන්ගේ ගැටලු සඳහා අදාළ ආයතන හා අංශ සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්‍යංශයේ ලේකම්වරයාට අමාත්‍යවරයාපදෙස් දී තිබේ.
භාණ්ඩ අපනයනය බහාලුම් වරායෙන් ලබාදීමට අවශ්‍ය කටයුකු සම්පාදනය කර ඇති බවත් පහත අංක දරන නිලධාරීන් අමතා අපනයන කිරීමට සකස් කර ඇති භාණ්ඩ අපනයනය කළ හැකි බව අමාත්‍යවරයා කීය.
0714458476-අපනයන අධ්‍යක්ෂ දර්ශන ද සිල්වා මහතා
0777300372 -නියෝජ්‍ය අධ්‍යක්ෂක රේගු (අපනයන) සෙනෙවිරත්න මහතා
0777274879- නියෝජ්‍ය අධ්‍යක්ෂක රේගු සලීම් මහතා
0777274879- අධ්‍යක්ෂ බහාලුම් පරීක්ෂණ පෙරින්පනායගම් මහතා
0777484664-නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඉතින් ඔය කොරෝන කලබල අස්සේ යාලුවෙකුට ඕනේ නම් එතනෝල් ටිකක්, ග්ල්ය්ෆොසෙට් නැවක් දෙකකක් හෙමිහිට වරායෙන් එලියට පන්නගන්න පුළුවන් වේවි... මෙයාට වරාය භාරදීම හරියට නරියට කුකුල්ලු බාරදුන්න වගේ .
අප කිසිදු දේශපලුවෙකුගේ අසුන්දර රුපකායන් දැකීමට අකමැති බැවින් තමන් මහජනතාවට සේවය කිරීමට පැමිණියේ නම් එය නිසිලෙස ඉටුකර අන්තරස්ධාන වෙන්නේ නම් එය පුරවැසියන්ට කරන තවත් එක් වැදගත් සේවයකි. ජොන්ස්ටන් ගොයියාට මෙය පුද්ගලිකවම කියවීමට හැකි වේවා .. නිසිලෙස වැඩකරන මිනිසුන් සද්ද බද්ද නොකරන අතර බෙරගසන්නේ වැඩනොකරන අයයි.