IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ස්විස් පූජකයාගේ දේවමෙහෙයට පැමිණි 40 ක් හඳුනාගනී-10 ක් රෝහල්වල

(රොමේෂ් මධුෂංඛ)
      
ස්විස්ටර්ලන්තයේ කොරෝනා වැළඳුනු පූජකවරයකු විසින් යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පැවත්වූ පූජාවට සහභාගී වූවන්ගෙන් 40 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර තවත් 10 දෙනෙකු යාපනය හා වව්නියාවේ රෝහල් වෙතට ඇතුලත් වී ඇති බවට ආරක්ෂක අංශ පවසයි.

 
අරියාලෙය් ස්විස් දේවස්ථානයක පැවති පූජාවක් පැවත්වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණ පූජකවරයා නැවත එරට යාමෙන් පසු ඔහුට කොරෝනා වයිරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත. ඔහු අසාධ්‍ය තත්වයේ පසුවීමත් සමග එම පූජාවට සහභාගී වූ බැතිමතුන් 150 කට ආසන්න පිරිසක් සොයා මේ දිනවල යුද හමුදාව, පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවක වරුන්ද එක්ව සෝදිසි මෙහෙයුම් වෙනුවෙන් දායක වී ඇත.
 
මේ අනුව අදාල පූජාවට සහභාගී වීමෙන් පසුව සිරුරේ ඇති වූ කිසියම් අසනීප තත්වයන් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට පුද්ගලයින් දෙදෙනකුද වව්නියාව රෝහලට පුද්ගලයින8 දෙනෙකුද ඇතුලත් වී පරීක්ෂණ කටයුතු සඳහා දායක වී ඇති අතර, එම පිරිසට වයිරසය වැළඳී ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
 
යාපනයේ පැවති පූජාව වෙනුවෙන් යාපනය, වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි බැතිමතුන් පිරිසක් සහභාගී වීම හේතුවෙන් එම පූජාව සඳහා සහභාගී වූ සියලු දෙනා හැකි ඉක්මණින් පොලීසියට හෝ 021-2227278 යන දුරකතන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලයට දැනුම් දී නිරෝධායනය වීමට පියවර ගන්නා ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය හා සෞඛ්‍ය නිලධාරීහු ඉල්ලා සිටිති.



අදහස් (3)

ස්විස් පූජකයාගේ දේවමෙහෙයට පැමිණි 40 ක් හඳුනාගනී-10 ක් රෝහල්වල

rasika Sunday, 22 March 2020 09:58 AM

මෙවැනි ජූජකයෝ අද ලංකාවේ බොහොමයි. බොහෝ දේ වපුරනවා වැඩි අවධානයක් යොමුකරන්න .

:       0       5

පිටිගල මිලානෝ Sunday, 22 March 2020 10:40 AM

මොහුව බැඳ තබනු.

:       0       4

Raveendra Sunday, 22 March 2020 12:05 PM

මොනයම්ම හෝ ආගමක පුජකවරයෙක් යනු ළදරුවෙක් හෝ අත දරුවෙක් නොවෙන බැවින් මෙම අවිචාරවත් පුජකයා හැකි ඉක්මනින් අල්ලා කූඩු කළ යුතුය.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site