IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්

(ඩයනා උදයංගනී)

විශේෂඥ වෛද්‍යවරයකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chioroquine සහ hydroxychioroquine යන ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලු ඖෂධ අලෙවිසැල්වලට නියෝග කර තිබේ.

 
මෙම නියෝගය කඩකරන්නන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන පනත යටතේ නඩු පවරන බව එම අධිකාරිය පවසයි.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගෙන ඇති මෙම ඖෂධ අවශ්‍යතාව අනුව රෝහල්වලදී කොරෝනා රෝගීන්ටද ලබා දෙන බවයි.
 
නමුත් මෙම ඖෂධ ලබාගැනීමෙන් රෝගයෙන් ආරක්ෂා විය නොහැකි නිසා ඒවා සොයා ඖෂධ අලෙවිසැල් වෙත නොයන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජාසිංහ මහතා කීවේය. 



අදහස් (4)

වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්

JAYATH Sunday, 22 March 2020 11:10 AM

මේක හොඳ කාලෝචිත තීරණයක්... නැත්නම් අපේ පොරවල් සුපර්මාර්කට්වල , පෙට්‍රල් ෂෙඩ් වල පෝලිමේ ඉන්නවා වගේ ගිහින් මේක අරගෙන බෝවී . කව්රුත් දැනගන්න ඕන මේ ප්‍රතිමැලේරියා බෙහෙත ගොඩක් අතුරු ආබාද තියෙන, කොවිඩ් රෝගීනට අනිවාර්යයෙන්ම වෛද්‍ය අදීක්ෂණය යටතේ පමණක් ම තවත් ප්‍රතිජීවකයක් සමගම දෙන්න ඕන එකක් අනික තමයි මේකෙන් කොරෝන සනීප කරන්න බැහැ යම් පමණකට අතුරු ආබාධ පාලනයක් විතරයි කරන්න පුළුවන්

:       0       2

රවින් Sunday, 22 March 2020 02:00 PM

වැදගත්ම දේ තමා මෙම බෙහෙත් කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සුදුසු බව ජන මාධ්‍යට පැවසුවේ කවුද කියන එක. එක් පුද්ගලයෙක්? සමාගමක්ද? සමිතියක්ද? ඒ කිසිවක් නොව ප්‍රලාපයක්ද ? ඔහු හෝ ඇයගේ සුදුසුකම්, තරාතිරම ? එම පුද්ගලයාට,සමාගමට හෝ සමිතියට තිබෙන සමාජ වගකීම? බෙහෙත් ගැන තිබෙන දැනුම? බෙහෙතේ ප්‍රතිවිපාක ගැන තිබෙන දැනුම? මේ කිසිත් නොදන්නා දේශපාලුවෙක්ද?

:       0       1

jayath Monday, 23 March 2020 02:52 AM

නැහැ රවීන් සමහර "හොර වෙද්දු " ජනමාධ්‍ය ඔස්සේ පිළිකා සනීප කරාට..., ඩෙංගු සනීප කරාට මේ ලෝකේ බටහිර විද්‍යාවට අනුව බෙහෙතක් සමාජ ගත කරන එක දීර්ගකාලීන දෙයක්.... සාමානයෙන් නම් ඕන බෙහෙතකට ඇමෙරිකානු එෆ් ඩී ඒ එකේ අනුමැතිය ඕන. මේක අලුත් බෙහෙතක් නෙමි , නමුත් මේකට ඒ අනුමැතිය ලැබුනේ පෙරේදා.... ඔය ක්‍රියාවලිය සමාජගත වුෙණ් මාධ්‍ය හරහා තමයි

:       0       0

රවින් Monday, 23 March 2020 06:53 AM

ජයත් , ඔබගේ වුර්තිය කුමක් වුවත්, ඔසු වර්ග සමාජ ගත කරන ක්‍රමවේදයක් තියෙනවා. වෛද්‍යවරයකුගේ නිර්දේශමත (prescription Drugs ) හා වෛද්‍ය උපදෙස් නොමැතිව ( over the counter drugs ) මෙතැනදී වෙලා තියෙන්නේ වෛද්‍ය උපදෙස් හා පරිපාලනය මත පමණක් ගතයුතු ඔසුගැන අනවශ්‍ය ලෙස මහජනයා දැනුවත් වීමයි. පැහැදිලි ලෙස කිවොත් බල්ලාගේ වැඩේ බුරුවා බාර ගැනීමක්. උදාහරණ අපේ දේශපාලුවෝ. ඔබ දන්නා ඕනෙම ඔසුවක නමක් ඉංග්‍රීසියෙන් අන්තර්ජාලය තුලින් විමසන්න. එවිට ඔබට දැකගත හැකිවේවි එම ඔසු පිළිබඳ, එහි භාවිතය, එහි ප්‍රතිඵල , එහි ප්‍රතිවිපාක- කෙටි කාලින හා දිගුකාලින , ආදී සපූර්ණ විස්තර. නියමිත පරිපාලනයක් නොමැතිව ඖෂධ භාවිතයට එදිනෙදා දැකගත හැකි හොඳම උදාහරණයක් ලෙස ගංජා ගත හැක. එය සිංහල / ආයුර්වේදයේ භාවිතා කරන්නේ ජීරණ පද්ධතියේ ආසාදන හා අනිකුත් ආසාදන සඳහා. නමුත් බටහිර වෙදකමේදී වේදනා නාශකයක් ලෙසද භාවිතා කරයි. අපි හැමදෙනාම දන්නා පරිදි අපේ අයියලා ගංජා පාවිච්චි කරන්නේ.. පොඩි එකකට නැතිනම් ඩෝප් වෙන්න. ඉතින් අපි මොකද කරන්න ඕනේ ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site