(පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වෛරසය ආසාධිතයන් බවට සැකකොට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 20 දෙනාගෙන් 16 දෙනෙකුම කොරෝනා ආසාධිතයන් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව මේවනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කරයි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරුවූ රෝගීන් තිදෙනෙකු මේවනවිටත් අයි.ඩී.එච් උණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .
මේ ආකාරයට කොරෝනා ආසාධිතයන් ලෙස සහ සැකසහිත බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සහ දැනට සිටින සියළුම දෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවද ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ වලින් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද අයවලුන් බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය .
කොරෝනා රෝගීන් සඳහාම ප්‍රතිකාර ලබාදීමට මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේඇඳන් 200 කින් පමණ සමන්විත වාට්ටු තුනක්ම සම්පූර්ණයෙන්ම වෙන්කර තිබෙන බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා යයි සැකට කුරුණෑගල රෝහලේ සිටි 16 ක් ගෙදර යවති