(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට (23) අලුයම 4.00 සිට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (22) පැවසීය.
ඇදිරිනීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ආර්ථික මධ්‍යස්ථාන සඳහා එළවළු රැගෙන ඒමටත් ආර්ථික මධ්‍යස්ථාන වල සිට එළවළු ප්‍රවාහනය කිරීමටත් පොලිස්පතිවරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අමාත්‍යවරයා අද පැවසීය.
ගොවීන් සතුව එළවළු තොග විශාල වශයෙන් පවතින බවත් ජනතාවගේ අවශ්‍යතායන් පිළිබඳව අවදානය යොමු කර ආර්ථික මධ්‍යස්ථාන වල කටයුතු දැඩි වගකීමකින් යුතුව පවත්වාගෙන යෑම සඳහා උපදෙස් ලබා දුන් බවත් හෙතෙම සඳහන් කළේය.
ආර්ථික මධ්‍යස්ථානවල අනවශ්‍ය ලෙස රැස්වී නොසිටින ලෙස ගොවීන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මුඛ ආවරණ නොමැති පිරිස් ආර්ථික මධ්‍යස්ථාන වෙත ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආර්ථික මධ්‍යස්ථාන හෙට විවෘතයි