තැනින් තැනට අදත් වැසි උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 December 2025
හිටපු කතානායක රන්වලට ඇප සපුගස්කන්ද මාවර මණ්ඩිය ප්‍රදේශයේදී රිය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් හිටපු කථානායක සහ ජාතික ජලබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකී පෙරේරා මහත්මිය අද පස්වරුවේ නියෝග කළාය. 12 December 2025
කොන්ද හයිය කරන බේතක් ගේන ලංසුව දෙයි පොලි ඇක්සියල් එම් ආර් අයි අනුකූල (ටයිටේනියම් / කොබෝල්ට් - ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 48ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
ආපදාවට මුහුණ දෙන්න සියලු පාර්ශව සූදානම් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී කාලගුණයේ සිදුවන්නේ යැයි කියන වෙනසට මුහුණදීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සෙසු සියලුම පාර්ශවකරුවන් සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා අද (12) පැවසීය. 12 December 2025
විජයදාසට ශ්‍රීලනිප තනතුරු 4ක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්ෂය අද (12) පැවසීය. 12 December 2025
සරසවි ඉඩමක් සංචාරක වැඩකට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ ඉදිකිරීම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
එක්ලක්ෂ හැත්තපන්දාහකට බොන්න වතුර දෙන වැඩක් අරඹයි මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් අරමුදල් සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
මාලදිවයින එක්ක ක්‍රීඩා සහයෝගීතා ගිවිසුමක් මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් ඉහළ දමා ඇත. 12 December 2025
බෙලිඅත්ත හිටපු සභාපති මාස 12ට කෝටි හතරක් වියදම් කරලා මාස දොළහක් ඇතුළතදී රුපියල් කෝටි හතරකට අධික මුදලක් වියදම් කළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ සැකකරුගේ රුපියල් 36001344.96 අයථා වත්කම් ලෙස ගණනය කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂ විතාන මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය. 12 December 2025
ලංකාවට ආධාර කන්දක් ලැබුණු හේතුව ටිල්වින් පහදයි ලංකාවට ආධාර ගලා එන්නේ ශ්‍රී ලංකා රජය හොරකම් නොකරන බවට ජාත්‍යාන්තරය විශ්වාස කරන නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය 12 December 2025
’’අභියෝග වලට ඔරොත්තු දෙන ලාංකික ජාතියක් ගොඩ නගනවා’’ සියලු අභියෝගයන්ට ඔරොත්තු දෙන ලෙස ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ’’නිවුස්වීක්’’ සමඟ සංවාදයක නිරත වෙමින් පැවසීය 12 December 2025
පුත්තලමේ ඉඩමකින් ගිනිඅවියක් හමුවෙයි මෙරට නිපදවු බව කියන පිස්තෝලයක් සමග උණ්ඩ තොගයක් ප්‍රදේශවාසියකුගේ තොරතුරක් මත පුත්තලම කොට්ටුකච්චිය පළුගස්වැව ප්‍රදේශයෙ ඉඩමක තිබී පුත්තලම මූලස්ථාන පොලිසියෙ නිළධාරීන් පිරිසක් විසින් අද (12) දින අත්අඩංගුවට ගත් බව කියයි. 12 December 2025
නාය මරකපොලු 2377ක්: විමර්ශන අරඹයි නායයෑම් හා නාය අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 12 December 2025
පා.මන්ත්‍රී හා හිටපු කතානායක රන්වල අත්අඩංගුවට හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය. 12 December 2025
පෙර පාසල් ගුරුවරිය අනතුරින් මරුට පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයෙ පෙර පාසල් පාලිකාවක් යතුරු පැදි අනතුරකින් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසිය. 12 December 2025
රේල් පිලී කොටස් සමඟ අයෙක් අල්ලයි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බවට සැක රේල් පිලි කොටස් 132ක් සහ ඒවා ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් සමග සැකකරුවෙක් වැලිගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගත් බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි 12 December 2025
දඹුල්ලේ එළවලු මිල ඉහළට පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතින එළවළු අවම වීම නිසා එළවළු මිල ඉහළ යෑම සිදුවන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ හාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද(12 ) සඳහන් කළේය. 12 December 2025
සිදුවන්නට ගිය අනතුර නූලෙන් වැළකෙයි බදුල්ල සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ කැකිරාව ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථයක් අද (12) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ පල්ලමේ ධාවනය වෙමින් තිබියදී හදිසියේ ඇතිවූ තිරිංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අඩ් දහසක පමණ ප්‍රපාතයකට පෙරලී සිදුවීමට ගිය විශාල මාරක රිය අනතුරක් රියැදුරුගේ දක්ෂතාව නිසාවෙන් බස් රථය ගල්බැම්මකට අල්ලා නවතා ගැනිමෙන් බස් රථය සමග මගීන් පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන ඇතයි බදුල්ල පොලිසිය පවසයි . 12 December 2025
රට රැකියා පෙන්වා කෝටි 5ක් වංචා කළ අයෙක් අල්ලයි රුසියාවේ රැකියා සදහා සදහා පිටත් කරන බවට පවසා රුපියල් කෝටි පහකට වැඩි මුදලක් ලබා ගෙන සැඟව සිටි අධිකරණය කිහිපයකින් වරෙන්තු 88 ක් ලබා සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 12 December 2025
ගැඹුරු මුහුදේ මසුන් අල්ලන්න ගිහින් ගල් පරයක සිරවෙයි ගැඹුරු මුහුදේ කිමිදී විසිතුරු මසුන් ඇල්ලීමේ නිරත ඥාති සහෝදරයන් දෙදෙනෙකුගෙන් අයෙකු ගල් පරයක සිරවී මිය ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි 12 December 2025
රැකියා අහිමි අහිමිවූ පෙහෙකම්හල් සේවක දීමනාව වැඩි කරයි පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබී 1980-1982 කාලයේදී පෞද්ගලීකරණය කරන ලද බලවේග ව්‍යාපාර වල සේවක සේවිකාවන් සඳහා ගෙවනු ලබන මාසික දීමනාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
හෙරොයින් සමඟ දෙන්නෙක් මාට්ටු රුපියල් ලක්ෂ 15 කට අධික හොරෝයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය කියයි. 12 December 2025
මඩොල්සිම පාර අද උදේ යළි විවෘත කරයි පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න මාර්ගය අද (12) උදෑසන යළිත් වාහන ගමනා ගමනය සදහා විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එස් එස් හෙන්නායක මහතා පැවැසීය. 12 December 2025
යුනිසෙෆ්- අගමැතිනිනී හමු වෙයි යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. 12 December 2025
මාලදිවයින් දොස්තරලාට ලංකාවේ පුහුණුව කොළඹ විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් ජන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ශාස්ත්‍රීය සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
අල්ලස්ගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු නීතිමකින් කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් දිය බෙදුම පොලිසියේ පොලිස් සැරෙන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 12 December 2025
මන්නාරමට තව සුළං බලාගාර දෙකක් මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
‘ගම්පොළ නුවරඑළිය පාරේ පමණක් රෑ ගමන් එපා ‘ නුවරඑලියට පිවිසෙන ගම්පොළ නුවරඑලිය මාර්ගයේ පමණක් රාත්‍රි කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 12 December 2025
පෙරහර මාවතේ ආණ්ඩුවේ ඉඩම 99 අවුරුදු බද්දට කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහර මාවතෙහි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026