(අංජුල මහික වීරරත්න)
පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබී 1980-1982 කාලයේදී පෞද්ගලීකරණය කරන ලද බලවේග ව්‍යාපාර වල සේවක සේවිකාවන් සඳහා ගෙවනු ලබන මාසික දීමනාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ පැවති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත රැකියාව අහිමි වූ සහ වසර 10 ක සේවා කාලයක් සම්පුර්ණ නොවීම හේතුවෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් ලබා ගැනීමට නොහැකි වූ සේවකයන් වෙත දැනට ගෙවනු ලබන මාසික දීමනාව, පවතින ජීවන වියදම සමඟ සැලකීමේදී ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ.
2025-04-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සේවකයින් වෙත අස්වැසුම වැඩසටහන යටතේ වන ප්‍රතිලාභ සලසා දීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඇති නමුත්, පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ සෘජුවම ඔවුන්ට එවැනි සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇත.
එබැවින්, එම සේවකයින් සඳහා සහනයක් වශයෙන් ඔවුන් අතරින් දැනට රුපියල් 5 90 කට වඩා අඩු මාසික දීමනාවක් ලබන සේවකයින්ගේ මාසික දීමනාව 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000 ක් වශයෙන් සංශෝධනය කර ගෙවීම් කිරීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රෙද්දම පිනට දෙන්න තමා දන්නේ ... කම්මැලි ජෙප්පෝ පිං පඩි ගන්නවා
මෙම පේෂකර් ම සේවකයින්ගේ දැන් අවුරුදු 65 - 80 වයසක අය වේ. බොහෝ අය ලෙඩ රෝග වලින් පෙළෙන අතර අන්ත දුගී බවට පත්ව ඇත. ඔවුනගේ මාසික දීමනාව රුපියල් 15,000 ක් (අස්වැසුම උපරිමය) තරම්වත් ගෙවනවා නම් ලොකු පිනක්. නැතිනම් ඔවුන්ගේ දරුවෙකුට රැකියාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි...
ලාල් මහ ගොනෙක්. නොදන්නා මගුල් දොඩවනවා. J.R. පප්පා මුලින්ම විකුණපු රාජ්ය ආයතනය තමයි පේෂකර්ම දෙපාර්තමේන්තුව. එයාගේ හිතවත් බෝරා කාරයින්ගේ රෙදිපිලි කර්මාන්තය පරිස්සම් කරන්න රජයේ පෙහෙකම්හල් 72 ක් රත්මලාන හා පිටකොටුවේ බෝරා කාරයින්ට කුණු කොල්ලෙට විකුණුවා. ඔවුන් ඒවාගේ හොඳ හරිය ගලවාගෙන පෙහෙ කම්හල් වහලා දැම්මා. ලස්සනම වැඩේ unp එකෙන් 1977 රස්සා දීපු 24 × 72 = 1728 ත් ඒ නිසා අනාථ වුණා. අපි 15000ක් අනාථ වුණා.. බොට සනීපද ලාලෝ? ජේ.ආර් සහ කරුමදාස බංඩත් අපාගත වුණා.
1982 ඉඳන් මේ විදිහට රැකියා නැතිවෙලා ඉන්න සේවකයින්ට දීමනා ගෙවන්න තරම් රටේ ආර්ථිකය ශක්තිමත් නැහැ. බදු බර වර්තමාන ජනතාවට දරුණු ලෙස බලපානවා...