(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
රුපියල් ලක්ෂ 15 කට අධික හොරෝයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය කියයි.
පල්ලම පොලිස් වසමට අයත් නාගවිල පරප්පන්තොට ප්‍රදේශියෙ අවුරුදු 27 හා 20 සිමාවල මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වු තරුණයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එක් සැකකරුවෙකු හෙල්මට් පැලද නොසිටිම හේතුවෙන් අත් අඩංගුවට ගෙන තිබු අතර මොහු ගැන සැක සිති පරික්ෂා කර තිබු අතර අනෙක් සැකකරු පා ගමනින් ගමන් කරමින් සිටියදී ඒ ආසන්නයෙදී අත් අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම එකම ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවකුගෙන් මෙලෙස හෙරෝයින් රැගෙන අලේවි කිරීම සදහා රැගෙන යමින් සිට ඇති බව පරික්ෂණ වලදි තහවුරු වී තිබුනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd