
(අංජුල මහික වීරරත්න)
කොළඹ විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් ජන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ශාස්ත්‍රීය සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පශ්චාත් උපාධි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නැංවීමත්, මාල දිවයිනෙහි වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් සඳහා මෙරට පුහුණුව ලබා දීමත් අරමුණු කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.
එමෙන්ම, සෞඛ්‍ය වෘත්තික පුහුණු වැඩසටහන් වලට අතිරේකව දෙපාර්ශ්වය අතර වෙනම ඇති කර ගනු ලබන එකඟතා ගිවිසුමකට අනුව, මාල දිවයින සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් කෙටිකාලීනව හෝ දිගු කාලීනව බඳවා ගැනීමට මෙරට වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි සහාය ලබා දීමට ද අපේක්ෂා කෙරේ.
ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම කොළඹ විශ්ව විද්‍යාලය සහ මාල දිවයින් ජන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
600
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
511
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලදිවයින් දොස්තරලාට ලංකාවේ පුහුණුව
ගුණරත්න Friday, 12 December 2025 12:03 PM
ගිය ආණ්ඩු කාලේ මෙහෙම යෝජනා කළා නම් ඊට පස්සෙන්ද දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් කැඳවලා. ඒවා කෙළේ කවුද කියලා නොදන්නා කෙනෙක්ට දැන් එහෙම වර්ජන වෙන්නේ නැත්තේ ඇයි කියලා හිතලා බලන්න...