ආසියා පැසිපික් අරමුදලින් ඩොලර් මිලියන තුනක් පශ්චාත් ආපදා සහන සහ පුනරුස්ථාපන කටයුතු සඳහා ආසියා පැසිෆිත් ආපදා ප්‍රතිචාර අරමුදලින් ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 December 2025
බිඳ වැටුණු ව්‍යවසාය ගොඩනගන්න අලුත් ණය යෝජනා ක්‍රමයක් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නඟා සිටු වීම පිණිස සහාය වීමේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 December 2025
දළදා මාලිගාවෙන් රට නඟන අරමුදලට පරිත්‍යාගයක් ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය වන අතර ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමිවරු පැවසූහ. 11 December 2025
ආපදාවෙන් කැඩුණු හිත් හදන වැඩක් බදුල්ලෙන් අරඹයි ’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්, ’Clean Sri Lanka’ වැඩසටහන යටතේ සංවිධානය කරන ’Beyond Recovery’ දීපව්‍යාප්ත වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. 11 December 2025
නුවර වැවේ, වාන් ඇළ මාර්ගයේ මිරිදිය මසුන් දහස් ගණනින් මැරිලා වාන් දමමින් තිබෙන අනුරාධපුර නුවර වැවේ වාන් ඇළ මාර්ගයේ මිරිදිය මසුන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මියගොස් ඇළ මාර්ගයේ තැන තැන රැඳී , කුණුවී යාම හේතුවෙන් නගරය පුරා දැඩි දුර්ගන්ධයක් හමන බව නගරවාසීහු කියති. 11 December 2025
කැලණි නදියේ කිඳුරිය මිය ගිහින් කැළණි ගගේ දිය කිදුරිය වශයෙන් කිරුළු පැළඳි දක්ෂ පිහිනුම් ශුරියක වූ සේදවත්තේ,කොටුවිල පදිංචිව සිටි ඕෂධි වියාමා තරුණිය හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 11 December 2025
නිලධාරීන් දුන් උපදෙස් නොපිලිපැදීමෙන් ජීවිත රැසක් නැති වුණා රජය සහ නිළධාරින් මහජනතාවට ලබා දෙන මාර්ග උපදේශයන්, උපදෙස් තුට්ටුවකට ගණන් නොගෙන පිළිනොපැදීම නිසාවෙන් මෙවර ආපදාවන් වලින් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහොමයක් මරණ සිදුවු බවත් , එමනිසා අපි ලබාදෙන උපදෙස් පිළිපැද ප්‍රථමයෙන් වටිනා ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (11) දිස්ත්‍රික්කයේ ජනතාවට දැනුම් දුන්හ. 11 December 2025
ඇමෙරිකාව වෙනිසියුලාවේ තෙල් නැවක් අල්ලා ගනී වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකා එක්සත් ජනපද හමුදා විසින් වෙනිසියුලා රජයට අයත් තෙල් නැවක් අත්අඩංගුවට ගෙන ඇත. 11 December 2025
බගවන්තලාව ශාන්ත මේරිස් විදුහල ගිලා බැසීමේ අවදානමක? “දිට්වා” සුලි කුණාටුවත් සමඟ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක් කර ඇත. 11 December 2025
පිච්ච මල් විහාරය අවදානමක ගෝමරංකඩවල පුරාවිද්‍යා කලාපයට අයත් කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය පිහිටි ශේෂ කඳු ගැටයේ එක් ස්ථානයක විශාල ගලක් ගැලවී තවත් කුඩා ගලක රැඳී තිබෙන බවත් එම විශාල ගල ගැලවී වැටුනහොත් පහළ ඇති දාගැබ් දාසය සහිත කැටයමකට හා ශිලා ලේඛනයට හානි සිදුවිය හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 December 2025
දෙමෝදර අවට පවුල් 34 ක් ආරක්ෂිත ස්ථානවලට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් දෙමෝදර නැරඹුම් මධ්‍යස්ථානය අසල දෙමෝදර ගල්කන්ද නායයාමේ අවදානම නිසාවෙන් ඒ අවට පදිංචි පවුල් 34ක සාමාජිකයන් 148ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානකරා යොමු කළබව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(11) පැවසීය . 11 December 2025
ගම්පහ මහනගර සභා අය වැය සම්මතයි ගම්පහ මහ නගර සභාවේ 2026 අයවැය කෙටුම්පත වැඩි ඡන්ද 10 කින් සම්මත විය. 11 December 2025
බඩෝවිට අසංකගේ මත්ජාවාරම මෙහෙයවු කතුන් දෙකක් මාට්ටු සංවිධානාත්මක සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් බඩෝ විට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ දෙහිවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 11 December 2025
දඹුල්ල මහ නගරසභා අය වැය සම්මතයි දඹුල්ල මහා නගර සභාවේ 2026 අය-වැය වැඩි ඡන්ද 12 කින් සම්මත වූ අතර අය-වැයට විරුද්ධව එකදු ඡන්දයක් හෝ නොලැබිණි . 11 December 2025
නුවරඑළියට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථා තත්ත්වයට “දිට්වා” සුලි කුණාටුවත් සමඟ නුවරඑලියට පිවසීමට තිබු මාර්ග 4ක් නාය ගොස් සහ පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතු ඇන හිට තිබූ බවත්, ඊයේ (10) දින වන විට නුවරඑලියට පිවිසීමට තිබෙන නුවරඑලිය මහනුවර මාර්ගය ඇතුලු මාර්ග 4ක් යථා තත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය. 11 December 2025
පද්මෙගේ අපරාධවල මුදල් ගනුදෙනු කළ යුවළක් අල්ලයි සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා මෙහෙයවනු ලබන අපරාධ සඳහා මුදල් ගනුදෙනු පවත්වාගෙන ගිය බව කියන යුවළක් කොළඹ 10 ප්‍රදේශයේ ලැගුම් හලක සිටියදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 11 December 2025
පුත්තලමේ ලුණු මෙට්‍රික් ටොන් 25,000 ක් ගංවතුරට යයි මහ වැස්ස හේතුවෙන් පුත්තලම ලුණු ලේවායන් තුළ ගබඩා කර තිබු ලුණු මෙට්‍රික් ටොන් 25,000 කට වැඩි ප්‍රමාණයක් දිය වි විනාශ වී ඇති බව ශ්‍රී ලංකා ලුණු නිපදවන්නන්ගේ සංගමයෙ සභාපති රනිස් බදුර්දීන් මහතා පවසයි. 11 December 2025
හානි වූ ව්‍යාපාර-දේපොළ ගැන දත්ත හොයන වැඩක් අරඹයි දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. 11 December 2025
මාතලේ පොදු පහසුකම් පද්ධති නැංවීමට යුද හමුදා සහාය පසුගිය ආපදාවෙන් බිදවැටුණු මාතලේ මාර්ග ,විදුලිය, ජල, වාරි සහ කුඹුරු පද්ධති යථාවත් කිරීම සදහා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදීමට යුද හමුදාව ඉදිරිපත්ව සිටී. 11 December 2025
මොරොක්කෝවේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී 22 මරුට මොරොක්කෝවේ ෆෙස් නගරයේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 11 December 2025
හොර ලයිසන් තිප්පොළක් වටලයි ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කිරීමේ යෙදුණු බොරලැස්ගමුව වේරහැර ස්ථාන දෙකක් වටලා ව්‍යාජ රියදුරු බලපත්‍ර තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 11 December 2025
පස්වරුවේ තැනින් තැනට තද වැසි උතුරු, උතුරු - මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 December 2025
මාරියා කොරිනාට හිමි නොබෙල් සාම ත්‍යාගය දියණිය ගනී මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගලාභී මාරියා කොරිනා මචාඩෝට හිමි සම්මානය, ඇයගේ දියණිය වන ඇනා කොරිනා සෝසා විසින් පිළිගත්තාය. 10 December 2025
‘දිට්වා‘ කුණාටුවෙන් අතුරුදන් පුද්ගලයන්ට මරණ සහතික දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 10 December 2025
උසස් පෙළ ඉතිරි විෂයන්වලට දින නියම කරයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන්ට අදාල සංශෝධිත කාල සටහන විභාග දෙපාර්තමේන්තුව අද (10) නිකුත් කළේය. 10 December 2025
“රට යළි හදන මග” ජනපතිට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් පසු රට ගොඩ නැගීම සඳහා “රට යළි හදන මග” ඇතුළත් යෝජනාවලියක් - පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමුකර තිබේ. 10 December 2025
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු කුලතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. 10 December 2025
ආපදාවෙන් කොටු වූ මී මුරේට යන්න වෙනත් පාරක් හොයයි පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කිලෝ මීටර් 34 දුර ඇති හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ස්ථාන කිහිපයකින් බරපතල ලෙස නාය යාමට ලක්ව ඇති බැවින් මීමුරේ ගම්මානයද ඇතුළුව ග්‍රාම සේවා වසම් 05 ක ජනතාව කිසිවක් කරකියා ගැනීමට නොහැකිව කොටුවී සිටින බැවින් මෙම ගම්මානයට ප්‍රවේශ වීමේ විකල්ප මාර්ගයක් ලෙස ඇති තෙල්දෙනිය තංගප්පුව මාර්ගය හරහා අට්ටලවෙට්ටුව මාර්ගය නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත 10 December 2025
තවත් ඝාතන තැතක් වරදී:5ක් අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාර ගතව සිට දින විස්සකට පෙර ඇප මත නිදහස්ව තවත් මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටි වෙඩික්කරුවකු ඇතුළු පස් දෙනකු යතුරු පැදියක් ව්‍යාජ අංක තහඩු තුනක් ජංගම දුරකථන හතරක් සමග අද (10) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 10 December 2025
හලාවත ආපදා බලන්න යුද හමුදාපති යයි හලාවත ප්‍රදේශයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අඛණ්ඩ ආපදා සහන කටයුතු නිරීක්ෂණය කළේය. 10 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026