රට නගන අරමුදලට කෝටි 189ක් ලැබිලා දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතන වලින් මූල්‍යාධාර ලෙස රුපියල් මිලියන 1893ක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි. 10 December 2025
සූමෝ ශූරයෝ මව්බිමට එති රුසියාවේ පැවති 2025 - පොදු රාජ්‍ය මණ්ඩලීය සූමෝ තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා සූමෝ කණ්ඩායමේ සිව් දෙනා ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 10 December 2025
කොස්ගම වෙඩිතැබීමේ වෙඩික්කරු ඇතුළු තුනක් මාට්ටු කොස්ගම බොරළුගොඩ දී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වෙඩික්කරු සහ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 10 December 2025
ඉන්දුනීසියාවේ තට්ටු හතක ගොඩනැගිල්ල ගින්නක් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පිහිටි සත් මහල් කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් ඇති බවත් බලධාරීන් තුවාල ලැබූවන් සෙවීම දිගටම කරගෙන යන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 December 2025
කොල්මලේ ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය තහනම් කරයි කොත්මලේ ජලාශයේ වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරිමට අවසර දෙන බවත් මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පැවසීය. 10 December 2025
රට නගන අරමුදලට රට වටින් ආධාර පෞද්ගලික සමාගම් රැසක් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට ඊයේ (9) මූල්‍ය පරිත්‍යාග ලබා දුන්නේය. 10 December 2025
රිදීමාලියද්දේ කදුවැටි කීපයක නාය යාම් යළි සක්‍රිය වෙලා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි කදුවැටි කීපයක නාය යාම් අද (10) දින යළී සක්‍රිය වි ඇතැයි රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්න මහත්මිය පැවැසුවාය. 10 December 2025
බෝගහපතන කන්ද නාය සක්‍රීය වෙයි බදුල්ල මීගහකිවුල මොරහෙල බෝගහපතන කන්ද අද(10) අලුයම නායයාමට ලක්ව ඇති අතර, ඒ අවට පදිංචි ජනතාව ආරක්ශිත ස්ථානකරා යොමු කිරිමට කටයුතු සිදු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 10 December 2025
අද කාලගුණය ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් අද (10) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 December 2025
දෙමෝදර කන්ද නාය අවදානමක දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නාය යෑමේ දැඩි අවදානමකට ලක්වී ඇති බවත් ඒ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා අද (10) පැවසීය. 10 December 2025
බදුල්ලේ තැන් හතක් ගැන විමසිල්ලෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉක්මන් පරීක්ෂාවකට ලක් කළ යුතු බදුල්ල ප්‍රදේශයේ ස්ථාන හතක් හඳුනාගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද 10 උදෑසන සඳහන් කළේය . 10 December 2025
විපතට පත් ජනතාවට සෙත් පතා ගංගාරාමයේ පිංකම් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සෙත් පැතීමේ පිංකමක් කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ගංගාරාම විහාරස්ථ සීමාමාලකයේ දී පැවැත්විණි. 10 December 2025
ආපදාවේ තොරතුරු ඉල්ලා සජබ හෙට ආයතන පහකට යයි හදිසි ආපදාවට අදාළ කාලගුණ තත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආපදාවට පෙර කරන ලද සාකච්ඡාවල සියලු තොරතුරු ඉල්ලා සිටීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. 09 December 2025
සංවර්ධන නිලධාරියාට බාධා කළ කතක් අත්අඩංගුවට ආපදා වන්දි සඳහා ඉල්ලුම් කිරීමේ සිද්ධියක් පාදක කොට ගනිමින් ඇති වූ ආරවුලකදී ආර්ථික සංවර්ධන නිළධාරියෙකුට සාපරාධී බළහත්කාරය පෑම යන චෝදනාව යටතේ නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව ප්‍රදේශයේ දී කාන්තාවක අත්අඩංගුවට ගත් බැව් නොරොච්චෝල පොලිසිය පවසයි. 09 December 2025
දේශක දමින්ද දිසානායකත් රට නගන අරමුදලට දායක වෙයි රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ ප්‍රවීණ දේශක ලේඛක දමින්ද දිසානායක මහතා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළේය. 09 December 2025
දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල්වලට අයත් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 09 December 2025
මෝටර් රථ දෙකක් එකම දුම්රියේ ගැටෙයි ගාල්ල සිට කොළඹ දක්වා අද (09) සවස 4.00ට පමණ ගමන් ආරම්භ කළ සීඝ්‍රගාමී දුම්රිය පියදිගම ප්‍රදේශයේ දී සහ හික්කඩු ප්‍රදේශයේ දී මෝටර් රථ දෙකක වැදී අනතුරු දෙකක් සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 09 December 2025
ගම්පහට නවසීලන්ත ම.කො කාර්යාලයෙන් ආධාර නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ආපදාවට ලක්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදාදීමට වියළි ආහාර ද්‍රව්‍ය තොගයක්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත බාරදෙනු ලැබීය. 09 December 2025
ලංකාව යළි ගොඩනගන්න ප්‍රංශ සහය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට ප්‍රංශ තානාපති Remi Lambert මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 09 December 2025
රට නඟන අරමුදලට නැචුරබ් සමාගමෙන් කෝටි 10ක් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා වන ‘Rebuilding Sri Lanka’ අරමුදලට නැචුරබ් සමාගම් සමූහය ( Naturub Group Of Companies) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය. 09 December 2025
ලංකා-වියට්නාම් යාලුකම තව වැඩි වෙයි ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳාම පිළිබඳ අනු කමිටුවේ (Sub Committee on Trade) තුන්වන සැසි වාරය දෙරටේම ඉහළ මට්ටමේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද(9)කොළඹදී පැවැත්විණි. 09 December 2025
මෝටර් රිය දුම්රියේ හැපිලා ගාල්ල සිට මරදාන බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ අද(09) සවස ගිංතොට පියදිගම දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් හැපිමෙන් එහි රියදුරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. 09 December 2025
බදුල්ලේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණට පන්දහසක ශ්‍රම මෙහෙයුමක් දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු වාරි ඇල මාර්ග පිළිසකර කිරීමේ ’’පන්දහසක බල ඇණියකින් යුත් මහා ශ්‍රම මෙහෙයුම’’අද (09) දින සිට ආරම්භ වූ බව එහි සංවිධායකයෝ පැවසූහ. 09 December 2025
‘මහනුවර නාය යන තැන් හරියටම කියන්න‘ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ටම නායයෑමේ අධි අවදානම් තත්වය පවතින බවට නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීම මගින් මුළු දිස්ත්‍රික්කයම නොසන්සුන් තත්වයට පත්ව ඇති බැවින් මෙම රතු නිවේදන නිකුත් කරන විට නිශ්චිත ස්ථාන සඳහන් කර නිකුත් කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා කිය. 09 December 2025
පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය විවෘත කරයි දැඩි ලෙස හානියට පත් වී තිබූ පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය අද(09) පස්වරුවේ සිට යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය. 09 December 2025
නුවරඑළියෙන් කොළඹට එළවලු කිලෝ 73,000ක් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කළ බව නුවරඑළය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පැවසීය. 09 December 2025
විවෘත කරන්න බැරි පාසල් 147 මෙන්න ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 09 December 2025
මේ සැරේ වාර විභාග නෑ නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් වල සිසුන් සඳහා මෙම 16 වැනිදා පාසල් අරඹන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි. 09 December 2025
අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) පස්වරුවේ පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි . 09 December 2025
ඉන්දීය ආධාර නැවක් ත්රිමලේට සේන්දු වෙයි ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මානූෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් ’’INS Gharial’’ නැමැති නෞකාව ඊයේ(08) ත්‍රිකුණාමල වරාය අධිකාරියට අයත් ’’අශ්රොප්’’ ජැටියට සේන්දු වූහ. 09 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026