හලාවත රෝහල බලන්න වෛද්‍යවරු යයි දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවු ගංවතුරින් හලාවත මහා රෝහලට ඇති වු හානිය පිළිබදව සොයා බැලිමට හා යුරෝපිය වෛද්‍ය වෘත්තියන් පරිත්‍යග කර ඇති මුදල් ලබාදිමට අවශ්‍ය කටයුතු සෙවිමට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු කණ්ඩායමක් අද(10) හලාවත මහා රෝහලේ නිරික්ෂණ චාරිකවක නිරිත වුහ. 10 December 2025
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයටත් වැස්සෙන් හානි පසු අස්වනු තාක්ෂණය සම්බන්ධයෙන් මුළු දිවයිනටම තිබෙන එකම රාජ්‍ය ආයතනය වන අනුරාධපුර නගරයේ පිහිටි ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ තිබු රුපියල් මිලියන 250 කට අධික වටිනා කමකින් යුතු යන්ත්‍රෝපකරණ ඇතුළු දේපල දැඩිසේ හානියට ලක්ව ඇතැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා පවසයි. 10 December 2025
හාලිඇළ නාරංගල කන්දත් පුපුරයි හාලිඇල නාරංගල කන්දේ මැද ලෙජර් වත්ත උඩ කොටසේ කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (10) පැවසීය . 10 December 2025
කොළොන්න ප්‍රා.සභා අය වැය දෙවනවරටත් පරදි මාළිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද පරාජය ට පත්විය . 10 December 2025
කලාවැවේ වාන් යළි අරී කලාවැව ජල මට්ටම අද දහවල් 12.00 වන විට අක්කර අඩි 85123ක් දක්වා ඉහළ ගොස් වාරිමාර්ග නිලධාරිහු පවසති. එය ජලාශයේ සමස්ථ ධාරිතාවයෙන් 100.78 % ක ප්රතිශතයකි. 10 December 2025
යෝෂිතට එරෙහි නඩුව කල්යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් හට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂාකර කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියාගේ මාර්ගයෙන් හෙට දින (11) වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියමිත බව රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කරුණු දක්වමින් (10)පැවසීය. 10 December 2025
වරායේදී භාණ්ඩ ඉස්සූ වාප්පු ලිපිකරු මාට්ටු ඉන්දියාවේ සිට ආනයනය කරන ලද රූපලාවන්‍ය භාණ්ඩ තොගයකින් රුපියල් 574,425/=වටිනා භාණ්ඩ සොරකම් කළ වාප්පු ලිපිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ වරාය පොලිසිය කියයි. 10 December 2025
දෙසැම්බර් 31කට කලින් ඇළ වේලි හදයි කැඩී බිඳීගිය වැව් ඇලවේලි පිළිසකර කිරීම සහ ගොවීන්ගේ වගාවන් වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල් ගෙවීම මෙම දෙසැම්බර් 31 ට පෙර අවසන් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (10) වාරියපොල දී පැවසීය. 10 December 2025
විපතට පත්වූවන් 85000ක් තවමත් සුරක්ෂා කඳවුරුවල දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් අද(10) දිනය වන විටත් පවුල් 26814 කට අයත් පුද්ගළයින් 85333ක් ආරක්ෂිත ස්ථාන 874ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 December 2025
විපතට පත් ජනතාවගේ තොරතුරු විපක්ෂ කාර්යාලයෙන් රැස්කරයි දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී ආපදා තොරතුරු කේන්ද්‍රයක් අද ආරම්භ කෙරිණ. 10 December 2025
විපක්ෂයේ විරෝධයන් කොළඹ මහ නගර සභාව රත්වෙයි කොළඹ මහ නගර සභාවේ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු කාර්ය මණ්ඩලයේ දීමනා ඉහළ දැමීමේ යෝජනාවට සමඟි ජනබලවේගය ඇතුළු විපක්ෂය මන්ත්‍රීවරු රැසක් විරෝධය දැක්වීමෙන් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට මහ සභාව විනාඩි 5 ක් කල්තැබීමට අද (10) සිදුවූවාය. 10 December 2025
හලාවත රෝහලට වැස්සෙන් බර හානි ආපදා තත්වය හේතුවෙන් ජලයෙන් යටවූ හලාවත මහ රෝහලේ ගඩබා කර තිබූ රුපියල් ලක්ෂ 500ක ඖෂධ තොගයක් විනාශ වී ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි. 10 December 2025
ආපදාවට සහන දුන් හැටි නිපෝලි සමාජ ක්‍රියාකරු කියයි ශ්‍රී ලංකාවට ඉකුත් දිනවල පැවැති ආපදාවට ලක් වූ ලාංකිකයනට සහන සැලසීමේදී හිතවතුන්ගේ සහාය ඇති ව විශාල වශයෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් තමන් ද ආධාර දුන් බව ඉතාලියේ නාපෝලිහි වෙසෙන සමාජ ක්‍රියාකරුවෙක් පවසයි. 10 December 2025
ජල සම්පාදන ක්‍රම, 99%ක් යථා තත්වයට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය නිසා අක්‍රීය තත්වයට පත් වූ ජල සම්පාදන ක්‍රම, 99% ක් ම මේ වන විට යථා තත්වයට පත් කර ඇතැයි ජාතික ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 10 December 2025
රුසියානු ආධාර තොගයක් කටුනායකට ශ්‍රී ලංකාවේ ආපදා තත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක් රැගත් එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය . 10 December 2025
ශක්තිමත් රටවල් මානව හිමිකම් රකිනවාද ප්‍රශ්නයක් ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මානව හිමිකම් රකිනවාද යන ප්‍රශ්නාර්ථය ලෝකය ඉදිරියේ තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ජාත්‍යන්තර මානව හිමිකම් දින 77 වැනි සැමරුම් උත්සවය අමතමින් අද(10)පැවැසීය. 10 December 2025
යුක්රේන ජනපති පාප්තුමන් හමුවෙයි බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් හමුවීමෙන් අනතුරුව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රෝමය බලා ගියේය. 10 December 2025
තද වැසි අකුණු කලාප ගැන කාලගුණයෙන් නිවේදනයක් බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කිතුත් කර අැත 10 December 2025
යුරෝපා නායකයන්ට ජනපති ට්‍රම්ප් දෙහි කපයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුරෝපා බටහිර රටවල රාජ්‍ය නායකයන්ට දොස් නගා ඇත. ඒ, එම රටවල ලිහිල් සංක්‍රමණික ප්‍රතිපත්ති විවේචනය කරමිණි. 10 December 2025
නුවරඑළිය රෝහලේ හානි බලන්න ලේකම් යයි ආපදා තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇති වී තිබෙන හානි පිළිබඳවත්, කාර්ය මණ්ඩලයට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් සොයා බැලීමට මෙන්ම එම දුෂ්කරතාවලට කඩිනමින් විසඳුම් ලබාදීමෙි අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණක නිරත විය. 10 December 2025
ඇල්පිටිය ප්‍රා.ස. අය වැය සම්මතයි ජාතික ජනබලවේගය බලයේ සිට්න ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා විසින් 2026 වසර සඳහා අද (10) ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද එකකින් ජයග්‍රහණය කරනු ලැබීය . 10 December 2025
ට්‍රම්ප් තායි - කාම්බෝජ ගැටුම්වලට යළි මැදිහත් වේ තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා අසල පැතිරයන ගැටුම් වහාම නතර කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය දෙරටෙන්ම ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි 10 December 2025
බියගම පිරිසිදු කරයි බියගම ප්‍රදේශය ගං වතුර තත්වය හමුවේ විශාල ලෙස හානියට ලක්වූ අතර,ප්‍රදේශය පුරා එක්රැස් වී තිබූ කැලිකසල ටොන් ගණනක් ඉවත් කිරීමට දින කීපයක කඩිනම් මෙහෙයුමක් ආරම්භ කළ බව බියගම ප්‍රාදේශීය සභා සදහන් කරයි. 10 December 2025
මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක් ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. 10 December 2025
කොත්මලේ හරහා ගමන් කිරීම සැහැල්ලු වාහන පමණයි කොත්මලේ වේල්ල මතින් බරවාහනවලට ධාවනය කිසිම අයුරින් අවසරයක් නැතැයි මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පැවසීය. 10 December 2025
පහට අඩු දූදරුවන් 1,168 ක් බදුල්ලේ සුරක්ෂිත මධ්‍යස්ථානවල දිට්වා සුළි කුණාටුවෙන් ආපදා රැසක් සිදුවීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථානවල වයස අවුරුදු පහට අඩු දූදරුවන් 1, 168 දෙනෙකු (පිරිමි දරුවන් 565+ ගැහැණු දරුවන් 603) සිටින බවත් වයස අවුරුදු දහ අටට අඩු දූ දරුවන් 5259 ක් ( පිරිමි 2552+ගැහැණු 2707) සිටින බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 10 December 2025
කොළඹ යළි අනවසර ඉදිකිරීම් බෑ කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් වලට කිසිම ඉඩක් දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය. 10 December 2025
කෝටි පන්දාහේ පරිපූරකයට මුදල් සභාවේ අනුමැතිය ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සහ විනාශ වූ භෞතික සම්පත් ප්‍රතිසංස්කරණයට රුපියල් කෝටි 5000ක අතිරේක මුදලක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත. 10 December 2025
රස පරීක්ෂක නිලධාරීන් 50ක් කොන්ත්‍රාත් පදනමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා නිලධාරීන් ප්‍රමාණවත් නැති හෙයින් කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 50 දෙනකු බඳවා ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 10 December 2025
බුර්කාවක් ඇඟලා නගරයේ සැරි සැරූ සිසුවා අත්අඩංගුවට බුර්කාවක් පැළද කාන්තාවක් ලෙසින් බණ්ඩාරවෙල නගරයේ වෙළද සංකීර්ණයක් අසල සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටි 15 හැවිරිදි පාසැල් සිසුවෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 10 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026