
(අංජුල මහික වීරරත්න)
කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් වලට කිසිම ඉඩක් දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය.
කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙලන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික්කය ගංවතුර නිසා මෙතරම් අවදානමට ලක් වී ඇත්තේ කිසිදු සැලසුමක් හෝ නීති රීති පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන ලද ඉදිකිරීම් හේතුවෙන් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අතිශය පෞද්ගලික දේශපාලන න්යායපත්ර අනුව ගත් තීන්දු තීරණ නිසා දිස්ත්‍රික්කය සහ ජනතාව මෙලෙස අවදානමට ලක් වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා බෑ. ඒවාට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනෑ.
කතාව නම් උපරිමය තියනවා ක්‍රියාත්මක වීමක් ඇත්තේ නෑ. අනවසර ඉදිකරීම් හැමතැනම මනුස්සයෙකුට පාරේ පයින් යන්න කිසිම ඉඩක් නැහැ. හැමතැනම තියෙන්නේ පදිකයින්ට යන්න ඉඩ නැති පදික වේදිකා, හැමතැනම පෙට්ටිකඩ, ටකරන් කඩ ... අපි තමුන්ලට බලය දුන්නේ වුණු වැරැදි හදන්න. අනවසර නම් අනවසර, කඩල ඉවත්කරන්න පිට කොන්දක් තියෙන්න ඕනෑ..
මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි, අවුරුදු 76 කොළඹ පාලනය කළ අය මේ ඉදිකිරිම් වලට වග කිව යුතුයි.
කොළඹ විතරක් නොවෙයි රටේම අනවසර ඉදිකිරීම් නවතන්න කොළඹගම පමණක් කිව්වාම රක්ෂිත අනතුරුවලට ලක්වෙන්න පුළුවන්... පළාත් පාලන ආයතන සතු මාර්ග පටුවෙන ආකාරයට ඉදිකිරීම් වලටත් අනුමත කිරීම් TOලා නිර්දෝශී කර අනුමැතිය දෙනවා. එනිසා මාර්ග පහසුකම් නොමැති ප්‍රදේශවල නැතත් වරිපනම් අයකරන ප්‍රදේශවලවත් අනවසර ඉදිකිරීම් තහනම් කර පනතක් සම්මත කරන්න...
පහුගිය දවස්වල නාය යෑම් හා ගංවතුර වලට ලක්වුණු බොහෝ ප්‍රදේශවල මූලික හේතු සාධක වූයේ අනවසර ඉදිකිරීම් නොවේද? උදාහරණ ලෙස මහනුවර, නුවර එළිය, අකුරණ ආදී ගත හැකියි...