(ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර ඇසළ පෙරහැරේ හතරවන රන්දෝලි පෙරහැර අද සවස 06 .44 ට උතුරු දිශාව බලා පෙරහර වීදි සංචාරය කළේය.

පෙරහර දළදා වීදීය , යටිනුවර වීදීය , හරස් වීදීය ,ඊ එල් සේනානායක වීදීය , කන්දේ වීදීය , ඩී එස් සේනානායක වීදීය , ඔස්සේ ගමන් කර රජවීදීයට අවතීර්ණ වී රජවීදීය ඔස්සේ ඉහළට ගමන් කර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතය.

පෙරහර සධාතුක කරඬුව වැඩම කරවීම රුහුණු මහ කතරගම වාසනා මංගල හස්තියා සමග දෑලේ හස්තින් වන පුලතිසි රාජා සහ සිංහරාජා ගමන් කළහ.

බදාදා (26) අලුයම සිට විශාල ජනතාවක් පෙරහර බැලීම සඳහා මහනුවර නගරයේ පෙරහැර ගමන් මාර්ගවලට එක්රොක්වී සිටිනු දක්නට ලැබිණි.