වැඩකට නැති ’’කෝච්චි යකඩ’’ විකුණයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
හිටපු කතානායක ජාතික රෝහලට සපුගස් කන්ද පොලිස් වසමේදී ඊයේ (11) රාත්‍රී සිදු වූඅනතුරකින් තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක සපුමල් රන්වල මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 12 December 2025
අයවැය හිඟය අඩු වෙලා මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී මෙරට අයවැය හිඟය නාමික වශයෙන් රුපියල් බිලියන 455.8 දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව සියයට 57 ක අඩු වීමක් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. 12 December 2025
ලංකාවට තවත් ණය එපා:එය දරා ගන්න බෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ලබාදෙන මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව දැනටමත් ණය බරින් පීඩා විඳිමින් සිටින මේ අවස්ථාවේ තවත් ණය ලබාගැනීම අපහසු කාරණයක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය. 12 December 2025
පළාත් රැසකට තරමක තද වැසි උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 December 2025
හිටපු කතානායක රිය අනතුරක හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූූ ජීප් රථය සහ කාන්තාවක පැදවූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කතානායකවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 11 December 2025
මැතිසබය කලින් කැඳවන්න: විපක්ෂය ඉල්ලයි පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සමග ජන බලවේගය ප්රමුඛ විපක්ෂය තීරණය කර ඇත. 11 December 2025
පාතහේවාහැට සුරක්ෂා කඳවුරේ පිරිසක් වෙනත් කඳවුරකට මාරු කරයි පාතහේවාහැට පස්ගම රජමහා විහාරයට අයත් දහම් පාසල් ගොඩනැගිල්ල පිහිටි භූමිය නායයාමේ තර්ජනයට ලක්වීම හේතුවෙන් එහි ස්ථාපිත කර තිබූ සුරක්ෂා කඳවුරේ පිරිසක් ඉවත්කර මාරස්සන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වෙත මාරුකර යැවීමට අද(11දා) පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. 11 December 2025
ලංකාවේ සිට ටැන්සානියාවට මත්ද්‍රව්‍ය තොගයක් පොහොර ලෙස නම්කර ලංකාවේ සිට අඩි 40 කන්ටේනරයක් තුළ ටැංසානියාවට යවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්කෝටි අසු හතරලක්ෂ අටසිය පනස් හයක් සමඟ ශ්‍රි ලාංකික සැකකරුවන් දෙදෙනකු ද ටැංසානියාවේ මත්ද්‍රව්‍ය පාලන සහ නීති බලාත්මක කිරීමේ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 December 2025
’’සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි’’ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 11 December 2025
නුවරඑළියෙන් එළවළු කිලෝ ලක්ෂයක් කොළඹට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු ඉල්ලුමකට අනුව කොළඹට එළවළු කිලෝ ලක්ෂයක් එවූ බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථාන කලමනාකාරවරයා පැවසීය. 11 December 2025
විපතට පත් රජයේ සේවකයන්ගේ බැංකු ණයට සහනයක් දෙන්න කාලගුණ ආපදාවෙන් විපතට පත්වූ රාජ්‍ය සේවකයන් ලබාගෙන ඇති ණය මුදල් කපා හැරීමට හෝ පොලිය අඩු කිරීමට හෝ වෙනත් සුදුසු සහනයක් උපරිම මට්ටමින් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 11 December 2025
උල්හිටියේ වාන් දොරටු තුනක් අරියි පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ වාන් දොරටු තුනක් මීටර් 0.2 ක් බැගින් විවෘත කළ බව ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ. 11 December 2025
සහන දෙන්න කොළඹ සිටින රාජ්‍ය තාන්ත්රිකයොත් සල්ලි දෙති දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයෝ එක්ව පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ. 11 December 2025
කොමාන්ඩෝ බලඇණියක් මීමුරේට උඩින් යයි මීමුරේ ගම්මානයේ කොටුවී සිටින ජනතාවගේ දුක සැප විමසීම සඳහා අට දෙනකුගෙන් සමන්විත කොමන්ඩෝ බලඇණියක් විශේෂ හෙලිකොප්ටර් යානයකින් එම ගම්මානයට අද දහවල් ගොඩ බැස්සේය 11 December 2025
ඇමරිකාව ඕන සහයක් දෙන්න සූදානම් ශ්‍රී ලංකාව ගොඩනැගීමේ ගමනට ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමරිකාව සූදානම් බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර්(Allison Hooker) මහත්මිය පැවසුවා ය. 11 December 2025
කොළඹ නගර සභා කර්මාන්තශාලා සේවකයන් හොර අතිකාල අරගෙන කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන් පසුගිය වසරේ නීති විරෝධීව රුපියල් ලක්ෂ 8කට ආසන්න මුදලක් (රුපියල් 779,704) අතිකාල දීමනා ලෙස ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් පවසයි. 11 December 2025
මානව හිමිකම් කොමිසමේ නිලධාරිනියත් හිමි කම් ඉල්ලයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ අත්තනෝමතික ක්‍රියාවන් විමර්ශනයට ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කරන ලෙසට බල කරමින් එම කොමිසමේ නිලධාරිනියක අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 11 December 2025
මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය යළිත් වසයි පස්කදු කඩාවැටී නායයාමට ලක්ව තිබූ පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය විවෘත කර පැය කීපයකට පසුව 25 කනුව කුරුවිගොල්ල ප්‍රදේශයේ දී අද (11)රාත්‍රි සිදුවු නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. 11 December 2025
මහවැලියට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් මහවැලි සංවර්ධන වැඩසටහනට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත. 11 December 2025
පළාත් ඡන්ද ක්‍රමය තීරණයට විශේෂ කාරක සභාවක් පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය. 11 December 2025
ගම්පොළ පවුල් 800 තවමත් කොටුවෙලා දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වැසි හේතුවෙන් සිදුවූ නායයෑම් සහ පස්කඳු කඩාවැටී මාර්ග අවහිරවීමෙන් නාවලපිටිය ආසනයේ පටිතලාව ග්‍රාම සේවා වසමෙහි පවුල් අටසීයකට අයත් පුද්ගලයන් දෙදහස් පන්සීයක් අද(11)වන විටත් එම ප්‍රදේශයේ කොටුවි ඇතැයි ආරංචි මාර්ග පවසයි. 11 December 2025
ජනාධිපති අරමුදලෙන් විජේවර්ධන බාලිකා නිවාසයට එළියක් ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත බාර දීමට කටයුතු කෙරිණි. 11 December 2025
මහනුවර මරණ 240 දක්වා ඉහළට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා වැඩිම හානිය සිදුව ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් අද (11) වන විට ආපදා මරණ 240 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, අතුරුදහන් වීම් 75 ක් ලෙස වාර්තා වී ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි. 11 December 2025
ආපදාවෙන් බැටකෑ ආගමික තැන් ගොඩනගන්න රජයෙන් උදව්වක් ආපදාවෙන් බලපෑමට ලක් වූ ආගමික ස්ථාන පිරිසිදු කර එම ආගමික ස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහාය වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 December 2025
ඇටකුලා කන්ද නාය අවදානමක උදේනිගම කහටගස්පතන ඇටකුලා කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(11) පැවසීය . 11 December 2025
රාජ්‍ය සේවයට තවත් 2284ක් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 December 2025
‘විපක්ෂය අසරණ වෙලා‘ ජනතාවට වඩා විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 11 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026