(මොහොමඩ් ආසික්)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා වැඩිම හානිය සිදුව ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් අද (11) වන විට ආපදා මරණ 240 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, අතුරුදහන් වීම් 75 ක් ලෙස වාර්තා වී ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ අද (11) වනදා දක්වා මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 54,988 කට අයත් පුද්ගලයින් 1,89,265 ක් පීඩාවට පත්ව ඇති බවයි.
මෙම පවල් අතරින් පවුල් 20,155 ක පුද්ගලයින් 70,282 ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන් පවුල් 6,097 ක පුද්ගලයින් 21,456 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 261 ක රඳවා ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් පැවසීය. තවත් පවුල් 12,974 ක පුද්ගලයින් 45,732 ක පිරිසක් ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව්ත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2263 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 14,735 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා තව දුරටක් කිීය.
ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල සහායෙන් සිදු කරන බවත් රණවීර මහතා තව දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
624
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර මරණ 240 දක්වා ඉහළට