IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘මහනුවර නාය යන තැන් හරියටම කියන්න‘

( මොහොමඩ් ආසික්)      

මහනුවර දිස්ත්‍රික්කයේ   ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ටම   නායයෑමේ අධි අවදානම්  තත්වය පවතින බවට නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීම මගින් මුළු දිස්ත්‍රික්කයම නොසන්සුන් තත්වයට පත්ව ඇති බැවින් මෙම රතු නිවේදන නිකුත් කරන විට නිශ්චිත ස්ථාන සඳහන් කර නිකුත් කළ යුතු බව  මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා කිය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් වූ නායයෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී අමාත්‍යවරයාමේ බව කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද කීය.

මෙම නිවේදනය අනුව මුළු මහනුවරම කොහේ හරි අරන් යන්න  ඕන. ඔක්කොම ප්‍රාදේශීය ලේකම් කොට්ඨස නම් කරල තියෙන්නේ. මෙහෙම වාර්තා වැඩක් නෑ අපිට කියන්න ඕන නිශ්චිතවම අවදානම් තැන් මොනවද කියලා. නැත්නම්   දිස්ත්‍රික් ලේකම් තුමා ප්‍රාදේශීය ලේකම් තුමන්ලා තුමින්ලා  ඇතුළු සියලු නිලධාරින් අපහසුතවයට පත් වෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඔක්කොම දාලා රතු නිවේදනයක් එව්වට පස්සේ අපි ඔක්කොම අරගෙන යන්න ඕන.මේ නිවේදනය අනුව දිස්ත්‍රික් ලේකම් තුමාට අම්පාරට යන්න පුළුවන්. මට  අනුරාධපුරයට යන්න පුළුවන්. නමුත් මුළු මහනුවර ජනතාවම කොහෙද යන්නේ.

මෙහිදි අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මින් පෙර  අධි අවදානම් බවට ලබා දී ඇති  ප්‍රදේශවල ජනතාව  මේ වන විටත්  ඉවත් කර ඇති බවයි.

නමුත් මෙම නිවේදනය අනුව මුළු මහනුවරම අවදානම් ලෙස සදහන් වීම නිසා ජනතාවට සුරක්ෂිත මධ්‍යස්ථානයක් හෝ ස්ථාපිත කිරීමට තැනක්   සොයා ගත නොහැකි වී ඇති බවද ඒ මහතා කීය.

මෙම නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  නිලධාරින් සඳහන් කළේ,

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ  අන්තර්ජාතික මට්ටමින් පිළිගත් විද්‍යානුකූල ක්‍රම වේදයක් අනුව බවත් මෙහිදී  සංවිධානයේ නිලධාරින් අධීක්ෂණය කර අධි අවදානම් ස්ථාන 15,000 ක් පමණ හඳුනා ගෙන ඇති බවත් එයින් මහනුවර දිස්ත්‍රික්ක තුල ස්ථාන 2000 කට වැඩි  ප්‍රමාණයක් පවතින බවත්ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් මෙසේද කීහ.

‘අපිට කියන්න බෑ අනෙක් තැන් නාය යන්නේ නෑ කියලා. අපි අධ්‍යයනය කරල තියෙන්නේ ප්‍රාදේශිය ලේකම්වරුන් ලබා දුන් ස්ථානයි. මෙලෙස ලබා නොදුන්  අපට අධීක්ෂණය කරන්න බැරි වූ තැන් තවත් තියෙන්න පුළුවන්.මෙම නිවේදනය මගින් කියන්නේ නෑ මුළු දිස්ත්‍රික්කයම ඉවත් කරන්න කියලා නමුත් මේ අවදානම් තත්වයන් හමුවේ සමාජය දැනුවත් කර අවදානයෙන් ඉන්න යම් දැනුවත් කිරීමක් කරනවා.නමුත් ඉවත්  වෙන්න කියල අපි කියන්නේ අපි කලින් පරීක්ෂා කරල හඳුනා ගත් ප්‍රදේශවලින් පමණයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ අනෙක් ප්‍රදේශ නායයන්නේ නෑ කියලා යැයිද කිය.



අදහස් (0)

‘මහනුවර නාය යන තැන් හරියටම කියන්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 624 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site