
(සුජිත් හේවාජුලිගේ)
ලංකාවට ආධාර ගලා එන්නේ ශ්‍රී ලංකා රජය හොරකම් නොකරන බවට ජාත්‍යාන්තරය විශ්වාස කරන නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය
ආපදාවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් විදේශ ආධාර විශාල වශයෙන් ලැබෙමින් තිබෙන බවද ඔහු කීවේය.
මාලිමා ආණ්ඩුව හොරකම් දූෂණ නොකරන බවට ජාත්‍යාන්තරය අවබෝධ කරගෙන සිටින බවත් ජාත්‍යන්තර ආධාර ඉදිරියටත් ලැබීමට නියමිත බවත් ප්‍රධාන ලේකම්වරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් සුනාමි වෙලාවේත් තිබුණේ තොපේ ආණ්ඩුවද කියන්නකෝ. ලෝක වාසීන්ගේ මනුෂ්‍යකමට ආධාර දෙන්නේ අපි අහලා නැහැනේ උතුරු කොරියාව කියුබාව ආධාර දුන්නා කියලා ගංවතුර වෙලාවේ හිටපු ජනාධිපතිතුමා වත්මන් විපක්ෂ නායකයා විදේශවලින් ආධාර ඉල්ලුවා කියලා මාධ්‍යවල වාර්තා වුණා එහෙම නැතුව නුඹලාගේ ආණ්ඩුව කියලා ලැබුණා.. කියන්න ලැජ්ජා නැද්ද
සුනාමියෙන් අවතැන්වූ අසරණයන්ට එවපු පව්ම් මිලියන ගානක ආධාර එවකට හිටපු ජනාධිපති ගසාකාපු හැටි ලෝකෙම දන්නවා. අධිකරණයෙන් පවා වරදකරු වුණා .වත්මන් ජනතාවදී අදූෂිත නායකයා කෙරෙහි විදෙස් ගත ලාංකික යන්ගේ තියෙන විස්වාස නිසයි ආදාර කරන්නේ?අපි සැමදා මාළිමාව සමගයි .
ඔය වගේ කතා කිවාම ඔක්කොම හරි කියලා තව උදව් දෙන්න තියන රටවල් වලින් හම්බ වෙන්න තියන දේවල් අඩු වෙන්නෙ නැද්ද ?. හානියට සාපෙක්ශ්ව හම්බ වුන ප්‍රමානය කන්දක්ද ?
නිකම් සුපුරුදු කටමැත දෙඩවීම් අවශ්‍ය නෑ. රටවල් ආපදාවලට ලක් වුණාම කවදද් ලෝකය ආධාර කරනවා. ඔය අධාර දිට්වා වලින් හානි වුණු අනික් රටවලටත් ලැබෙනවා. මේගොල්ල හැම එකකටම අතිශයෝක්තිය
ඔහේ කව්ද මේ ආණ්ඩුවේ? ජනාධිපතිද? අගමැතිද, ඇමති නියෝජ්‍ය ඇමති, මන්ත්‍රී අඩුම ප්‍රාදේශීය සභාවේවත් ඉන්නවාද? නෑ නේද? එතකොට මගුලක්ද මේ මිනිහා කියවන්නේ? එහෙනම් ඡන්දෙ කාලේ වේදිකා පැලෙන්න දුන්නු පට්ටපල් බොරු පොරොන්දු ඉටු කළාද? 150/= පෙට්රෝල් කෝ? අඩු කරපු බඩු කෝ? බදු අඩු කරපුවා කෝ? බොහෝ ප්‍රධාන පක්ෂ තමන්ගේ අරමුදලෙන් මිනිස්සුන්ට උදව් කරද්දි පැලවත්තෙන් එක සතයක් දුන්නාද? ඒ මදිවට වෙන මිනිස්සුන් දෙන ආදාර මොවුන්ගේ නමින් බෙදන්න පටන් අරන්.. අපේ ගම්වලත් හිටියා අනුන්ගේ දානෙ ගෙවල්වල ගිහින් ඒ මිනිස්සුන්ගේ පිරිකර තමන්ගේ වගේ පූජා කරපු අය...
තව ටික දවසකින් කියයි කන්දක් නෙවෙයි ලැබුනේ පොඩි කඳුගැටයක් කියලා. පහුගිය අයවැයෙන් 25%ක වැඩ කරගන්න බැරි වුණා ඔබලා ගැන ජාත්‍යන්තරය දන්නවා...
හෙල්පින් හම්බන්තොට...
ඩයිවින්ට අමතක වෙලා ලංකාවේ විශාලම. පක්ශ අරමුදල තියෙන්නේ කොහේ ද කියලා. රටින් එනකම් බලන් ඉන්නේ ඒක හොල්ලන්න බැරුව ඇති නේද?
කොහේ ලැබුණු ආධාර කඳුද? ලෝක බැංකු ලොක්කෙක් කියනවා ණය දෙන්න එපා ගෙවාගන්න අමාරුයි කියලා හිඟමන් ටිකක් දෙන්න කියලා. විලිලැජ්ජාවේ බෑ.
අනේ යන්න.
1.8 million euros කියන්නේ ඒ වගේ රටවල ගෙදරක වටිනාකම විතර. මේවා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න. ආධාර ගැන පම්පෝරි ගහන්න හරි දක්ෂයි. නමුත් කිසිම වගකීමක් දරන්නේ නෑ. පැහැදිලිවම කුණාටුවක අවධානය දැනුවත් කරද්දී... මේ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව හෝ පක්ෂව නෙමෙයි. තිබුණු ආණ්ඩු සියල්ලට වඩා දැන් තියෙන ආණ්ඩුව කෝටියකින් සැපතක්. නමුත්, වගවීමක් නෑ. මැයි දින රැලි සතිය ගානේ පවත්වන්නේ නැතිව, අපහාස උපහාස ගල්මුල් තමන්ට එල්ල වෙද්දී ego එකට (මමත්වයට) මුල් තැන නොදී විද්‍යාත්මක ව, බුද්ධිමත්ව, දුර බලලා වැඩ කරන්න. මොන කතා කිව්වත්, යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වුනේ නෑ. ඒවයේ සියලු නීති හරියට තියෙනවා. මේ කතා කියන්න එපා වැරදි වහ ගන්න. වගකීම නොගත්ත තැන හොයලා දඩුවම් කරන්න. ස්වාධීන පර්යේෂණයක් පවත්වන්න. anyway මේවා ලංකාවේ කෙරෙන දේවල් නෙමෙයි. වචන අපරාදේ...
මේ මඩයෝ ටිල්වින්ට මේ වගේ බය වෙන්නම ඕනෑ. ඒකම තමයි ජයග්‍රහණය!
ටිල්වින්, ආණ්ඩුවට ලැබුණු විදේශ ආධාරයක් නොමැත. විදේශ ආධාර ලැබුනේ ශ්‍රී ලංකා වැසියන්ට. ශ්‍රී ලාංකික ජනතාවගේ දැනට සිටින භාරකාරත්වය, ආණ්ඩුව නිසයි. ඒසේ නැතිනම් තමුන් කවුද කියා මුලු ලෝකයම දන්නවා. මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, නාන්නේ නැති අය...
මයිනා....
ඔයගොල්ල පම්පෝරි ගැහුවාට අත්‍යාවශ්‍යම වෙලාවේ මුලින්ම ජිවිත ගලවාගන්න අවශ්‍ය ආධාර ලැබුනේ පකිස්තානෙන් සහ 88 /89 කලේ භාණ්ඩ මිලදී ගන්න එපා කියපු ඉන්දියාවෙන් එම රටවල් දෙක උදවු කලේ ඔවුන් JVP එකට දක්වන විශේෂ ලැදියාවක් නිසා නොව, සමස්ත ශ්‍රී ලංකික ජනතාවට කරන උදවුවක් ලෙස , එම රටවල් දෙක හිත හිත හිටියේ නැහැ වහාම ක්‍රියාත්මක වුන , එහෙම නොවුනානම් තව මරණ වැඩි වෙනවා , ඔය ගොල්ල හොඳ සබන්ධතා තිබෙනවා කියන චිනේ සහ ඇමරිකාවට තිබෙන සම්පත් සහ තාක්ෂනය ගැන සලකල බැලුවම එගොලනතත් පුළුවන් කම තිබුන අවශ්‍ය තාවයක් තිබුන නම් පැය 24 තුල ගුවන් මගින් මෙහෙට ගොඩ බැහැල ආධාර දෙන්න , නමුත් ඔවුන් එන විට සතියක් විතර ගත වෙලා , කියුබාව සහ උතුරු කොරියාව වැනි සමජවාධි රටවලට ආර්ථික වශයෙන් පුළුවන් කමක් තිබුනේ නැහැ අපට උදවු කරන්න , කොමියුනිස්ට් පාලනයක් තිබෙන රටක් වන වියට්නාමෙන් වුනත් සැලකිය යුතු උදවුවක් ලැබුනේ නැහැ , යුරෝපෙන් වුනත් සුනාමියට ලැබුන වගේ විශාල උදවුවක් ලැබුනේ නැහැ ,
චමින්දගේ අදහස සමග මමත් එකඟ වෙමි. නිකන් ඉටු කරන්න බැරි බොරු පොරොන්දු ඡන්දෙට කලින් දුන්නා. අන්න ඊයේ ඉඳන් මත්පැන් බලපත්‍ර ගාස්තු 100% වැඩි කරලා. මේ ගොල්ලන් සංචාරක කර්මාන්තෙට උදව් කරනවා කියලා කීවාට කරන්නේ එකේ අනික් පැත්ත. ආණ්ඩුව ගහන අධික විවිධ විවිධ වර්ගයේ තීරු බදු සහ වැට් බද්ද නිසා ගංවතුර ආවත් නැතත් මේ රටේ මනුස්සයෙකුට ව්‍යාපාරයක් කරන්න ජිවත් වෙන්න ඉතා අපහසු තත්වයක් ඇවිත්, මේ ගහන වැට් බදු ඇතුළු බදු අවසානේ ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයාට , මේ බදු වලින් කරන්නේ හොරු, දුෂිත , අකාර්යක්ෂම නිලධාරීන්ගෙන් පිරුන ශ්‍රී ලන්කන් ගුවන් සමගම වැනි රජයේ වියපර වල පාඩු පියවන එක වැනි අනවශ්‍ය දේවල්...
කෝ ඩෝබිලා ටික...
අනේ පව්...
නොවැම්බර් 27 සිදුවුණා වගේ ඔය කන්දත් විමසිල්ලෙන් පාලනය නොකර නාය ගියොත් සූදානම්ව නොසිට ආධාර ඉල්ලගෙන එන්න නම් එපා...
Gen z ලමයි අන්දන්න ලේසියෙන් පුලුවන් උන් පහුගිය අවුරුදු 10 ම එකතැන පල්වෙන රටක් තමයි දැක්කෙ .මයිනගෙ හොරකම් ගැන තමයි ඇහුවෙ. ඩයි මයිනයි ලපයයි ඕන බොරුවක් කිව්වොත් ඒක පිලිගන්නවා. ඔය හොරු හිටපු කාලෙ සුනාමි ආධාර කොපමණ ලැබුනද කියනවනම් ඒ කාලේ ඩොලර් එකක් සෑහෙන ගණනකින් පහත වැටුණා.