සීටීබී ලොක්කෙක් කරපු වැඩක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියකු තමන්ගේ පෞද්ගලික වාහනය එම මණ්ඩලයට ලබාදී රුපියල් ලක්ෂ 11ක මාසික කුලියක් ලබාගෙන ඇතැයි ජාතක විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 April 2024
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය. 10 April 2024
ගුවන් තහනමක් ඇති මගීයෙක් යානයෙදී අත්අඩංගුවට අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි . 10 April 2024
ජනතාව ’’හයිය’’ ආර්ථිකයක කොටස්කරුවන් කරනවා අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 April 2024
නාමල් පොහොට්ටුවේ හයිය පෙන්නන්න යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පැවසීය. 10 April 2024
කෙහෙළියට එළියට එන්න අවස්ථාවක් බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 10 April 2024
පේරු සීයා 124 උපන් දිනය සමරලා මර්සෙලීනෝ අබාද් නම් පේරු ජාතිකයා පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරූ බව පේරු රජය ප්‍රකාශ කළේය. 10 April 2024
දකුණු කොරියාවේ මහ මැතිවරණයක් දකුණු කොරියාවේ මධ්‍යවාර පාර්ලිමේන්තු මහ මැතිවරණය ආරම්භ විය. මෙය වත්මන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැත්වෙන ජනමත විමසුමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 10 April 2024
රාජ්‍ය බැංකු වලට වෙනසක් රාජ්‍ය හිමිකාරීත්වය සහිත බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 April 2024
’’සිමෙන්ති’’ ඉඩමක් වරායට කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට රජය තීරණය කර ඇත. 10 April 2024
තහනම් යතුරුපැදියක කොටස් ප්‍රවාහනය කළ පීසී අත්අඩංගුවට මෙරට පැදිම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයෙ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 10 April 2024
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට මුලතිව් මුල්ලිවයික්කාල් මාමුනේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය සදහන් කරයි. 10 April 2024
අභියාචනා සැලකීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභින් වැඩිවෙයි අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 10 April 2024
හිටපු මැකෝගෙන් පෝස්ටර් විරෝධයක් නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් එල්ල සිය විරෝධය එල්ල කළේය. 10 April 2024
එතරින් ඇවිත් ගම හරහා දුවති විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති බක්මහ උළෙලක් අකුරලදී පැවැත්විණි. ඊට සහභාගී වූ විදෙස් තරුණ තරුණියන් පිරිසක් ගම හරහා දීවිමේ තරගයට සහභාගි වූයේ මේ අයුරිනි. 10 April 2024
හාල්-එළවළු සැපයුම ඕනවටත් වැඩියි සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 April 2024
පොහොට්ටුවට වෙට්ටු දාපු අයට බකට්ටුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් සමග ජන බලවේගය සමඟ සම්බන්ධවූ මන්ත්‍රීවරුන් හය දෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ බලය පක්ෂයේ විනය මණ්ඩලයට ලබාදීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළේය. 10 April 2024
අඟුණකොලපැලැස්සේ රැඳවියෙක් පැන ගිහින් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි . 10 April 2024
අපරාධ කල්ලි සාමාජිකයෙක් කඩු,බෝම්බ සමඟ මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රාජ්‍යට පලා ගොස් සඟව සිටින වැල්ලේ සාරංග යන අයගේ ගෝලයෙක් හොරායින්, කඩු දෙකක් හා මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත් අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 10 April 2024
ප්‍රදේශ කිහිිපයකට හිරු මුදුන්වෙයි නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 April 2024
යුද හමුදා නිල ඇඳුම් ඇතුළු ආයිත්තම් තොගයක් සමඟ දෙකක් අල්ලයි හමුදාවෙන් පලා ගිය සෙබලෙකු ලෙස තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සෙබලෙකුගේ නිල ඇඳුම් කට්ටල තොගයක් ඇතුළු ආයිත්තම් තොගයක් පනාගොඩ යුද හමුදා කඳවුරෙන් හොර රහසේ පිටමංකර දකුණු පළාතට රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 09 April 2024
ශ්‍රීලනිප මූලස්ථානයට තවත් ඉබ්බෙක් කොළඹ 10 ටී බි. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල හිමි කාටදැයි යන ප්රශ්නය අද දිනයේ නැවතත් මතු විය. 09 April 2024
කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට ප්‍රෙටල් බෝම්බයක් කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයකු විසින් අද (09) දින සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 09 April 2024
‘උත්සව සමයේ අනතුරු අවම කරගන්න‘ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 09 April 2024
තැපෑල අප්‍රේල් 12 ත් වැඩ අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනත් රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 09 April 2024
වතුඅධිකාරිවරයෙක් ඇතුළු තුනක් පැහරගත් හතරක් මාට්ටු යටියන්තොට හල්ගොල්ලවත්ත වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු ඇතුළු තිදෙනකු පැහැරගෙන ගොස් අසපුවක රඳවාගෙන පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය කියයි. 09 April 2024
සිරකරුවන් 779 කට ජනපති සමාව සිරකරුවන් 779 දෙනකුට ජනාධිපති සමාව ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 09 April 2024
ශ්‍රීපාදය නැග වාර්තාවක් තබයි පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා අද පස්වරුවේ සමත්විය. 09 April 2024
ප්‍රදර්ශනයකදී වු අනතුරකින් සිසුන් දෙදෙනා රෝහලේ පාදුක්ක ප්‍රදේශයේ පාසලක පැවැති ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත් කර තිබූ කුඩා මෝටර් රථයකට සමාන නිර්මාණයක් ධාවනය කිරීමට යාමේදී එය අනතුරට ලක් වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පාදුක්ක පුාදේශීය රෝහලට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 09 April 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026