‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘ රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජනබලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය. 06 July 2020
බිඳවැටුණු ආර්ථිකය ගොඩගන්න සමඟි ජන බලවේගයෙන් වැඩි ඉඩක් කොරෝනා වසංගතයෙන් පසු බිදවැටුණු රටේ ආර්ථිකය, ජන සමාජය සහ දේශීය කර්මාන්ත හා නිෂ්පාදකයින් රැකගැනිම වෙනුවෙන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් විශේෂ අවස්ථාවක් ලබාදීමට ඉලක්ක කර ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(6) පැවසීය. 06 July 2020
‘මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි‘ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04) කොත්මලේදී පැවසීය. 04 July 2020
‘ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න එජාප ආණ්ඩුවක් ඕනෑ‘ “ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේ නැහැ. මුදල් ඇමතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බනිනවා. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කරුණක්..“ යැයි හිටපු ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 04 July 2020
‘තරහකාරයන්ගෙන් පලිගැනීම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය වෙලා‘ වැරැදි කළ පුද්ගලයන් රකින්න සමගි ජන බලවේගය කිසිවිටක උත්සාහ දරන්නේ නැති බවත්, මොනම ආකාරයකින්වත් ඔප්පු වුවහොත් සියලු දෙනාට අපක්ෂපාතීව දඬුවම්කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය. 03 July 2020
රුවන්ට දේශපාලනයේත් - කැලණියේත් උරුමයක් තියෙනවා ‘සේනානායක සහ විජයවර්ධන පරපුරේ කෙනකු හැටියට රුවන් විජයවර්ධන මහතාට මෙරට දේශපාලන ක්ෂේත්රය නියෝජනය කිරීමට වගේම කැලණිය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කිරීමට ද ඓතිහාසික බැඳියාවක් මෙන්ම ලේවලින් ද සම්බන්ධතාවක් තිබෙනවා’ යැයි කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවසූහ. 03 July 2020
‘ප්‍රතිපත්ති විවාදයක් ඕනෑ‘ ‘‘එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේ දී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන ආණ්ඩුව කැමැති නම් ඕනෑම විවාදයකට වුවද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා 30 වැනිදා කොළඹ දී පැවසීය. 03 July 2020
‘ගෝඨාභය අත්අඩංගුවට ගන්න යහපාලනය සූදානම් වුණා‘ ඉකුත් යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (2) පැවැසීය. 03 July 2020
කරුණාට - තොණ්ඩමන්ලාට එක නීතියක්, අසරණ ජනතාවට තව නීතියක් වත්මන් රාජපක්ෂ පාලනය යටතේ කරුණා අම්මාන්, තොණ්ඩමන් වැනි බලවත් අයට එක නීතියකුත් අසරණ ජනතාවට තව නීතියකුත් ක්‍රියාත්මක වෙතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවසීය. 02 July 2020
කොරෝනා දෙවැනි රැල්ලට ආණ්ඩුව නිහඬයි කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට කොපමණ මුදලක් ලැබුණාද, එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (1) ප්‍රකාශ කළේය. 02 July 2020
‘වැඩ බැරි ආණ්ඩුව ප්‍රශ්න යටගහනවා‘ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක ගන්නට නොහැකි සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා අනුන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක දෙන්නේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය. 01 July 2020
‘තාරුණ්‍යයට නව අරුතක් දෙන බලකායක්‘ ‘‘පාර්ලිමේන්තුව මෙන්ම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ලබාදීමේදී තරුණ පරපුර වෙනුවෙන් සියයට 25ක අනිවාර්ය නියෝජනයක් දීම නීතියක් ලෙසම සම්පාදනය කරන බව’’ සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹදී පැවසීය. 01 July 2020
‘අපට දැන් බුරියානි වගේම ඡන්දත් ලැබෙනවා‘ මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැකගැනීමට තම රජය සෑම විටම කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29 වැනිදා) පැවසීය. 01 July 2020
‘මේක වැඩ බැරි ආණ්ඩුවක්‘ ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් අඩුවී ඇතත් ශ්‍රී ලාංකික ජනතාවට ඒ සහනය ලබාදී නැතැයි ද අගෝස්තු පස් වැනිදායින් පසුව පිහිටුවන ජනතාවාදී ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සම්බන්ධ උපරිම සහනය ජනතාවට ලබා දෙන්නේ යැයිද සමගි ජනවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී ඉකුත්දා පැවැසීය. 30 June 2020
‘ගුණරුවන් වාර්තාව හොර සහතිකයක් වගේ‘ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට පත්කළ ලලිත සිරි ගුණරුවන් වාර්තාව කිසිදු ගුණයක් හෝ වටිනාකමක් නැති වාර්තාවක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඉකුත් 27 වැනිදා පැවසීය. 30 June 2020
‘යහපාලන අත්දැකීම් හොඳට මතකයි‘ යහපාලන ආණ්ඩුවෙන් ලැබූ අත්දැකීම් අනුව ජනතාව කිසිම දිනෙක සජිත් ප්‍රේමදාසට ආණ්ඩු බලය ලබානොදෙන බව විශ්වාස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29) පැවැසීය. 30 June 2020
‘රට ගොඩනඟන්න තුනෙන් දෙකේ බලය දෙන්න‘ ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී රටේ සංවර්ධනය වේගවත් කිරීමට මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (21) පැවැසීය. 30 June 2020
‘ධන කුවේරයන්ට බදු සහන දුන්න ආණ්ඩුව ජල-විදුලි බිලට සහන දුන්නේ නෑ’ ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන දුන්න මේ ආණ්ඩුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජල බිලට, විදුලි බිලට සහ ඉන්ධන මිලට සහනයක් නොලැබුණ බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය. 29 June 2020
‘රනිල් - සජිත් සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ‘ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍යය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා පැවසීය. 27 June 2020
‘රනිල් කියන්නේ පරිණත නායකයෙක්...‘ අද රටේ ජනතාවට තුන්වේල කන්න බොන්න නොමැති බවත්, අඩුම ගානේ රනිල් වික්‍රමසිංහ මහතා අද හිටියානම් තුන්වේල කාලා බීලා හොදට ජීවත් වෙන්න පුළුවන් කම තිබුණු බව ගම්මානවලට ගියාම මිනිසුන් කියන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නවීන් දිසානායක මහතා අද (27) පැවැසීය. 27 June 2020
ඩීල්-මගඩි දේශපාලනයට ගාලු දිසාව කප් ගහලා ගාල්ල දිස්ත්‍රික්කය ඩීල් හා මගඩි දේශපාලනයට හොර ගිවිසුම් දේශපාලනයට ප්‍රසිද්ධ බවත්, ඩීල්, කොමිස් වලින් හත්මුතු පරම්පරාවට පමණක් නොව මතු පරපුරටම කෝටි ප්‍රකෝටි ගණනක් ගත් බවත් සමගි ජනබලවේගය නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බලපිටියේ දී පැවසීය. 26 June 2020
ඡන්දයෙන් පසු රට නොබෙදා ප්‍රශ්න විසඳනවා මහමැතිවරණය ජයගැනීමෙන් පසුව රට නොබෙදා උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණදී සිටින ප්‍රශ්න විසදීමට රජය කටයුතු කරනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා 23 වැනිදා පැවැසීය. 26 June 2020
‘ඩිජිටල් තාක්ෂණයෙන් එජාපය මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යනවා’ අනෙකුත් පක්ෂයන්ට ආදර්ශයක් වෙමින් ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ජනතාව ආරක්ෂා වන ලෙස එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බව මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා කොළඹදී අද (26) පැවසීය. 26 June 2020
‘‘පාස්කු ප්‍රහාරය පිටුපස මේ ආණ්ඩුව සිටි බවට සැකයක් තිබෙනවා‘‘ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 25 June 2020
‘‘එජාපය කඩා වෙන් කිරීමෙන් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වෙනවා‘‘ ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුළින් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසීය. 25 June 2020
‘‘අපි ලබා දුන්න ආණ්ඩු රැග ගන්න එජාප නායකයාට බැරි වුණා‘‘ අපි ලබා දුන් ආණ්ඩු බලය රැක ගන්න එක්සත් ජාතික පක්ෂ නායකයාට බැරි වුණ බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය. 24 June 2020
‘වැඩ කරන විරුවෙක් කියා ආ ජනපති වැඩ බැරි ආණ්ඩුවක් නිර්මාණය කළා’ වැඩ කරන විරුවෙක් යැයි කියා පසුගිය ජනාධිපතිවරණයේ දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මාස අටක් යන්නට පෙර වැඩ බැරි ආණ්ඩුවක් නිර්මාණය කළ බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. 24 June 2020
’යහපාලන රජය ජනතාවට දුන් සහන සමහරුන්ට ඇඟිල්ලෙන් ඇන මතක් කරන්න වෙලා’ යහපාලන රජය ජනතාවට ලබා දුන් සහන, සමහර අයට ඇගිල්ලෙන් ඇන මතක් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය. 24 June 2020
එජාපය කඩාගෙන ගිය අය සිරිකොත අල්ලන්න හදනවා මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් වශයෙන් අප රටේ නව රජය පිහිටුවීමට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස මේ මැතිවරණයේදී ‘‘බිල්ඩිමක්’’ අල්ලන්න සූදානම් වෙනවා යැයි ආරක්ෂක රාජ්‍ය හිටපු අමාත්‍ය සහ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින කැලණිය එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා අත්තනගල්ලේදී පැවැසීය. 24 June 2020
හරින්ගේ පිල රටේ සංස්කෘතියට ආගමික නායකයන්ට පහර ගැහුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන පිල රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට හා අගමික නායකයන්ට සැමදාම පහර ගැසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) පැවැසීය. 24 June 2020
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026