ඉන්ධන වර්ග දෙකක මිල පහළ දමයි ඉන්ධන වර්ග කිහිපයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් බව නිවේදනය කළේය. 29 June 2026
දකුණු පළාතේ දැඩි ඩෙංගු අවදානමක් දකුණු පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමකට ළඟා වෙමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්.ජී.එස්. පණ්ඩිතරත්න මහතා පවසයි. 29 June 2026
ලක් දෙරණ ධර්මද්වීපයක් කළ උතුම් පොසොන් පොහොය අදයි සම්බුද්ධ ශාසනයට මෙන්ම මෙරට ශාසන ඉතිහාසය ඉතා වැදගත් සිදුවීම් රැසක් වූ පොහොය ලෙස පොසොන් පොහොය සැලකේ. 29 June 2026
‘‘ලංකාදීප‘‘ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරනු ලබන ‘‘ලංකාදීප‘‘ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණි. 28 June 2026
පිස්තෝලය අතුරුදන් වූණාට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ් සිය රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ කීපයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යටියන්තොට පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙම මස 30 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි රුවන්වැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශාමලී වෙදසිංහ මහත්මිය අද (28)නියෝග කළාය. 28 June 2026
ගිනි අවිය අස්ථානගත වුණැයි ට්රැෆිත් OIC අත්අඩංගුවට පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ දහයක් සහිත මැගසීනයක් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව සීතාවක පුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 28 June 2026
කසිප්පු අල්ලන්න ගියාම බල්ලන් අටක් උසි ගන්නවලා නිති විරෝධී මත්පැන් ජාවාරම්කරුකුගේ නිවස වැටලීමේදී ජාවාරම්කරුගේ බිරිඳ බව කියන කාත්වක් පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කර නිවසේ ඇති කරන සුනඛයන් අට දෙනකු පොලිස් නිලධාරීන් වෙත උසිගන්වා සපා කෑමට ලක් කිරීම හේතුවෙන් අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 28 June 2026
‘‘ලංකාදීප‘‘ විදුලි ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකා ලෝක වේ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරනු ලබන ’’ලංකාදිප පොසොන් ආලෝක පූජාවේ’’ පළමු දිනය මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි. 27 June 2026
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ. 27 June 2026
චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හොරණ සමගි ජන බලවේග ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 26 June 2026
රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනා රිමාන්ඩ් අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි පාතාල කල්ලි සාමාජික නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ’හරක්කටා’ ට සහන සැලසීමට රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ට අඩුකර රුපියල් කෝටි 12ක් නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබාගත්තේ යැයි කියන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 25 June 2026
චරිත් අබේසිංහ - රඛිත රාජපක්ෂ අත්අඩංගුවට හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසම කියයි. 25 June 2026
පොදු සමා සිරකරුවෝ 154 ක් තවමත් හිරේ මරණ දඩුවම නියමවී පොදු සමාව ලැබීම සඳහා අධිකරණ අමාත්‍යංශය පත්කළ විද්වත් කමිටු කීපයකින් නිර්දේශ කළ සිරකරුවන් 154 ක් වසර හතරකට අධික කාලයක් තවදුරටත් බන්ධනාගාරගතව සිටින බවත් මෙම තත්වය එම නිර්දේශය සඳහා පත්කළ කමිටු වෙනුවෙන් වැයකළ රුපියල් ලක්ෂ 200 කට ආසන්න මුදල අපතේ යැවීමක් බවත් එම සිරකරුවන්ගේ ඥාතීහු පවසති. 25 June 2026
රුහුණු සරසවියේ තාරකාවිය යන්නම යයි රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 වන කණඩායමේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 24 June 2026
භෞත චිකිස්සක ඝාතකයා යාපනයෙන් අල්ලයි නුවරඑළිය සංචාරක හෝටලයක් තුලදී භෞත චිකිත්සකවරියක් ඝතනය කර සැඟව සිටි සැකකරු සහ සැකකරුගේ නීත්‍යානුකූල බිරිද අද අලුයම යාපනයේ පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් බව නුවරඑළීය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය. 24 June 2026
ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තහවුරු කළේය. 23 June 2026
පැය 24 ට ඩෙංගු ලෙඩ්ඩු දහස පනී: රෝහල් උතුරයි ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 22 June 2026
දයා සමූහ ව්‍යාපාරයේ දොපොළ මහජන බැංකුවට සින්න වේ මහජන බැංකුවට උකස් කරන ලද සිය දේපළ වෙන්දේසි කිරීමට ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන (පුද්ගලික) සමාගම ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 21 June 2026
‘‘ලෝකෙම තෙල් මිල අඩු වන විට අපේ ආණ්ඩුව වැඩි කරනවා‘‘ ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව තෙල් මිල අඩු කරන විට ලංකා ආණ්ඩුව තෙල් මිල වැඩි කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 21 June 2026
රුපියල පහළ යාම බෙහෙත් මිලටත් බලපාලා ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයක් සිදු කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 20 June 2026
කෝටි 37ක කුඩු ගෙනා ඩොමිනිකාවේ සරසවි සිසුවෙක් මාට්ටු රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ( මිලියන 377 ) වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා ’’ ගෝල්ඩි රූට් ’’ ( Gold Route ) මගී පර්යන්තය ඔස්සේ මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියකු අත්අඩංගුවට ගත්බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 20 June 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අර්බුදයක ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගාර් ගලිබාෆ්ගේ ප්‍රධානත්වයෙන් ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් නිවාඩු නිකේතනයේ පැවැත්වෙන හමුවට, ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස් සහභාගී නොවන බව ධවල මන්දිරය පවසයි. 19 June 2026
සුගීෂ්වර බණ්ඩාර රිමාන්ඩ් බාරයට ජනපති වැය ශීර්ෂයෙන් වෙන් කළ රජයේ මුදල් අවභාවිතා කළැයි පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ලබන පළමු වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේසත්රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය. 18 June 2026
භෞතික චිතිත්සක ඝාතනයට පෙම්වතා පිටුපස පොලිසිය යයි මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් තරුණිය (16) දින සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිටි බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය මගින්ද සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි. 18 June 2026
යෝෂිත ඇප මත මුදා හරියි නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කර රටට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය. 17 June 2026
යෝෂිත අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය සනාථ කර ඇත. 17 June 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 75 සීමාවට ළඟා වූ බව විදෙස් වර්තා පවසයි. 17 June 2026
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නැයි හිටපු ජනපති ගෝඨාභයගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළේය. 16 June 2026
උදය, විමල්, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ නඩු! හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (15) දැනුම් දුන්නේය. 15 June 2026
සාම ගිවිසුම් අතරේ තෙල් බිල පහළ බහී ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් සඳහා වන මූලික ගිවිසුමකට දෙපාර්ශ්වය එකඟ වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය කසෙම් ගරිබාබාඩි ප්‍රකාශ කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද සියයට 5කින් පමණ පහළ ගියේය. 15 June 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026