
(බී.ජී චතුරංග)
විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරනු ලබන ‘‘ලංකාදීප‘‘ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණි.
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ , අනුරාධපුර මධ්‍යම නුවර ගම්පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රගුප්ත වන්නිනායක , මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුරිතා පෙරේරා , විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටයිම් උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු ජනක රත්න කුමාර , ජාතික රූපවාහිනි අවස්ථාවේ අධ්යක්ෂ මනෝජ නදීශ අමරසිංහ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික තන්තිරිමලේ පූජාභූමිය ඒකාලෝක කෙරිණි.
සීමා සහිත විජය පුවත්පත් සමාගම 23 වන වරටත් සංවිධානය කරන මෙම ආලෝක පූජාවේ අවසන් දිනය පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (29) දින පැවැත්වේ.
හෙට දින පොසොන් ආලෝක පූජා විවෘත වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දින පැවැති ආලෝක පූජාව බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායා ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd