
(චමිලා අල්විස්)
හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසම කියයි.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති “හරක් කටා” ඝාතනය කිරීම වැළැක්වීම සහ ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කර ගැනීම සඳහා එම ජාවාරම්කරුගේ පාර්ශ්වයෙන් මුදල් ලබාගත් බවට ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අනුව ඔහු සමඟ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනාම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීම සහ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනාම කොළඹ අල්ලස් කොමිසමට රැගෙන ගොස් ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් පවතින බවත් අල්ලස් හා දූෂණ කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රකිත රාජපක්ෂ මහ දූෂිතයෙක්, හීන් නූලෙන් තමයි වැඩ. උපදෙස් පියාගෙන්.
අල්ලස් කොමිසමේ නිවුස් එකට CID එකේ පොටෝ දාලා තියෙන්නේ ඇයි?? පත්තරේ ඕකවත් දන්නැද්ද? නැත්තම් මේක සංවිධානාත්මක පහර ගැහිමක්ද
නඳුන් චින්තක, චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ වගේ පිරිසිඳු මාත්තුරු මේ වගේ දූෂණ කරයි කියල අපිනම් පිලිගන්නෙ නෑ. මේවා තනිකරම මඩ.
දැන් මෝඩචුන්ලා පටන් ගනීයි කියන්න. මේ ගොල්ලන්ගෙ ජිවිත අවදානම්. මරන තර්ජන එනවා. හැකි උපරිම ආරාක්ශාව දෙන්න නැතිනම් රජය වග කියන්න ඕන කියලා. පුදුම නිතියක් නේ ඒක උන් පාතාලෙන් වැඩ අරගනකප්පම් අරග න. මරන බව දැන ගත්තාම ආරාක්ශාව දැඩි කරන්න. මොන එහෙකටද. මරන්න ම තමයි ඕන. ජනතාවගෙ චන්දෙන් ඇවිත්. දුශන වැඩ කරනවට.සාමානය වැසියට වැඩිය තදින් නිතිය මොවුන්ට ක්‍රියාත්මක කරන්න ඇපනෝදි බරපතල වැඩ සහිත කල්ප්ගානකට එලියට නොඑන්න