(ගම්පහ තිලකරත්න දිසානායක)
බස්රථයක් නොමැතිව මහමග සිටි පුද්ගලයෙකුට ගමන් පහසුව සැලසූ යතුරු පැදිකරුගේ ජංගම දුරකතනය සූක්ෂම ලෙස සොරා ගැනීමේ සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. පසුගිය දිනෙක උදෑසන කිරිඳිවැල සිට ගම්පහ දෙසට යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි අයකුගෙන් බුත්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකු මිරිස්වත්ත හන්දියට යාමට හැකිදැයි විමසා ඇත.
එම පුද්ගලයා කෙරෙහි අනුකම්පාවෙන් යතුරු පැදියට නංවාගෙන පැමිණ ඇති යතුරු පැදිකරු මිරිස්වත්තෙන් ඔහු බැසගිය පසුව දුරකතන ඇමතුමක් ගැනීම පිණිස කරෙහි එල්ලා ගෙන තිබූ බෑගයෙන් ජංගම දුරකථනය ගැනීමට යාමේදී එය නොමැති බව පෙනී ගොස් ඇත.
මේ අවස්ථාවේදී දෙවරක් නොසිතා තමන් නංවාගෙන ආ පුද්ගලයා ගැන සැක සිතා යතුරු පැදිය ආපසු හරවා යමින් සිටියදී ඔහු සිටිනු දැක වහාම අල්ලා ගෙන පරීක්‍ෂා කිරීමේදී ඉනෙහි සඟවා ගෙන තිබූ දුරකතනය සොයා ගැනීමට හැකිව තිබේ.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ කරෙහි තිබූ බෑගය විවෘත කොට සූක්ෂම ලෙස දුරකතනය ගත් බවය.
මේ අවස්ථාවේ අවට සිටි පිරිසක්ද පැමිණියෙන් කොල්ලකරු අල්ලා ගෙන කණුවක බැඳ තබා යක්කල පොලීසියට බාරදීමට පියවර ගෙන තිබේ.
යමෙකුට උපකාර කිරීමට ගොස් පත්වූ අකරතැබ්බය පිළිබඳව යතුරුපැදිකරු, අවට සිටි පිරිස සමග පවසා සිටියේ කාටත් මේවා හොඳ පාඩම් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ දන්නේ නැති අයට පාරේදී උදව් කරන්න එපා. මම ඔහොම කරලා වතාවක වාහනේ ජැක් එකත් අරගෙන බැහැලා තිබුණා කොල්ලෝ 3 දෙනෙක්.
මේවා දැන් ඇත්තටම සිදුවෙන දේවල්. අද කාලේ තමන්ගේ පවුලේ කෙනෙක්වත් විශ්වාස කරන්න බැහැ.
ඔව් ඉතින් ඡන්දෙ ඉල්ලගෙන එන අයටත් ඡන්දෙ දීලා උදව් කරලා අමාරුවේ වැටෙන අය නේ අපේ ලංකාවේ උදවිය.