ප්‍රින්ස් රත්නායක සහ අජිත්ලාල් ශාන්ත උදය
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය ක්‍රමවේද හඳුනා ගනිමින් එම ප්‍රතිපත්ති ආර්ථිකය කෙරෙහි යොමු කරවීම පදනම් කරගෙන ජාත්‍යන්තර විද්වත් සමුළුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාල මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේ දී හෙට (20) ආරම්භ වීමට නියමිතය.
මෙම විද්වත් සමුළුව 20 හා 21 දෙදින පුරා පැවැත්වෙන අතර දෙස් විදෙස් විද්වත් පර්යේෂකයන් 50 දෙනෙකුගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතය.
ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය රටක ප්‍රතිපත්ති සම්පාදනය ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරවීම පදනම්ව නවමානයන් රටට හඳුන්වාදීම මෙහිදී සිදුකරන බව ආර්ථික හා සංඛ්‍යාන විද්වත් සමුළුවේ සම සභාපතිවරුන් වන මහාචාර්ය එච්.එම්.එස් ප්‍රියනාත් හා ආචාර්ය ඒ අරුණ ශාන්ත මහත්වරු පැවසූහ.
විශ්ව විද්‍යාල පද්ධතියේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම සිදුකරන විශ්ව විද්‍යාල අතරින් එම අංශ 43 කින් මෙම විශේෂ අවස්ථාව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයට 2018 වසරේ හිමිවීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා විද්‍යාඥයින්ගේ සංගමය මගින් කරනු ලබන විවිධ ප්‍රධාන කාර්යයන් අතුරින් එකක් ලෙස මෙම ජාත්‍යන්තර විද්වත් සමුළු සංවිධානය කරනු ලබන අතර එහි මෙවර සභාපතිත්වය උසුලනු ලබන්නේ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය එම්.සුනිල්සාන්ත මහතාය.
මෙම සංගමය මගින් පවත්වනු ලබන 7 වැනි විද්වත් සමුළුව වීමද විශේෂත්වයකි. චීනය,ඉන්දියාව, මැලේසියා සහ උගන්ඩා නයිජීරියා වැනි අප්‍රිකානු කලාපයේ රටවල්වල හා ශ්‍රී ලාංකීය විද්වත්හු මෙම කථිකාවතට එක්වෙති.
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, මානව ප්‍රාග්ධනය සමාජ සුභසාධනය හා සමානාත්මතාව, ව්‍යාපාර හා මූල්‍ය, සංචාරක, වෙළදාම, අයෝජන, ජාත්‍යන්තර සබදතා, කර්මාන්ත සංවර්ධනය හා කුඩා කර්මාන්ත, තාක්ෂණය, දැනුම මත පදනම් වූ කෘෂිකර්මය, පාරිසරික ආපදා කළමනාකරණය හා සමාජ ආකල්ප වැනි ක්ෂේත්‍ර කෙරෙහි පුළුල් ප්‍රතිමාන ඔස්සේ පර්යේෂණ ඉදිරිපත් කරයි.
මහාචාර්ය කොළඹගේ, මහාචාර්ය සුමනසිරි ලියනගේ, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.විජේවර්ධන ප්‍රමුඛ විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් සිංගප්පුරු ගිවිසුමේ වාසි අවාසි හා මිත්‍යාව පිළිබඳ විද්‍යාත්මක සංවාදයක් ද පැවැත්වෙන අතර ආචාර්ය කෙනෙට් ද සිල්වා විසින් එම සංවාදය මෙහෙයවනු ලබයි.
මෙම විදවත් සමුළුවේ ප්‍රධාන දේශනය මැනිලාහි ආසියානු සංවර්ධන බැංකුවේ වසර 22 ක් පාරිසරික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හේරත් එම්. ගුණතිලක මහතා විසින් සිදුකරනු ලබයි. පත්‍රිකා 50 ක සාරාංශයක් ප්‍රකාශයට පත්කරන අතර තෝරාගත් විශේෂ පර්යේෂණ ඉදිරි වසරේ මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස හා ජර්නල් පත්‍රිකාවක් ලෙස ප්‍රකාශ කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට වසර 30 හෝ 40 කට ඉහත අපේ උගතුන් ලංකාව දෙස බැලූ ආකාරයකට වඩා වෙනස් ආකාරයකින් අද දවසේ වියතුන් රටේ ප්‍රශ්න දෙස බැලීමට පෙළඹීම වර්තමාන අවිනිශ්චිත තත්වයෙන් දේශය මුදා ගැනීමේ ක්‍රියාදාමයේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. මැතක්වන තුරුම උගතාට හා වියතාට සිදුවුයේ නුගත් දේශපාලකයාගේ සිහින ලෝකයේ මන්දිර වල හැඩ තල නිර්මාණයට තමන්ගේ දැනුම පාවිච්චි කිරීමය. එය නොඉවසූ බොහෝ දෙනෙක් (මරණ තර්ජන හා හිංසනය නිසාත්) රට හැර ගියහ. සමහරෙක් තම දැනුම කිසිම ලැජ්ජාවකින් තොරව ගණිකා වෘතියේ යෙදවූහ. මේ හැම ගැහැටක්ම විඳගෙන තමන් උපන් මව් බිමට සේවය කරන්න අදිටන් කරගත් තවමත් තමන්ගේ බලාපොරොත්තු සුන් නොකරගෙන හෙට දින පිලිබඳ සර්වශුභවාදීව කටයුතු කරන පිරිසක් ඉදිරියට ඒම ඉක්මන් සහනයක් පතන ලක් වැසියනට ඉමහත් අස් වැසිල්ලක් වනු ඇත. මේ ප්‍රයත්නය ඉතාමත් සාර්ථක වේවා කියා ඉතසිතින් පතමු.!
පළමුව සබරගමුව විශ්ව විද්‍යාලයයේ බොරු මහාචාරුන් සුදුසුකම් පරික්ෂා කරන්න.