IMG-LOGO

පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක

හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 4ත් 4.5ත් අතර ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (6) ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර එය තරමක විශාල අපේක්ෂාවක් යැයි ද මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංක මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය. 

ඉකුත් වසර හා සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය වර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.2කින් වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් ද නිවේදනය කළේය.

ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය අඩු මට්ටමක පැවැති බව කී මහ බැංකු අධිපතිවරයා වසරේ ආර්ථික වර්ධන වේග පදනම සංශෝධනයකට ලක් කරන බව ද කීය. 

ආනයන වැඩිවන සහ ජංගම ගිණුම පුළුල් වන තත්ත්වයක් තුළ පොළී අනුපාත කපා හැරීමට උත්සාහ කළහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවනු ඇතැයි ද අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය. 

“මැතිවරණ පැමිණෙද්දී ආර්ථික කටයුතු ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති ලිහිල් කිරීමට විශාල පීඩනයක් එල්ල වෙනවා. ආනයන ඉහළ යෑමේ ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක ආර්ථිකයට මුදල් පොම්ප කිරීම බුද්ධිමත් තීරණයක් නෙවෙයි”

ඇමෙරිකා එක්සත් ජනපදය පොළී අනුපාත ඉහළ යෑම නිසා විදේශිකයන්  නැගී එන වෙළෙඳපොළවලින් අරමුදල් නැවත ගැනීම හේතුවෙන් වර්ධනය පීඩනයකට පත්ව ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් පෙන්වා දුන්නේය.

 



අදහස් (4)

පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක

rasika Monday, 09 July 2018 05:23 PM

දේශපාලනය පැත්තක තියලා හරියට මුල්‍ය පාලනය කරන්න. ආර්ථික වර්දනය හොදටම අඩුවෙලා කියල බැලූ බැල්මටම පේනවා ඩොලරයට සාපේක්ෂව රුපියල පහල යන්නේ එක හේතුවක් රටේ අපනයන දුර්වල වෙනකොට.. වෙළද පරතරය එන්න එන්නම වැඩි වෙනවා.. මේකට තියෙන එකම විසදුම අපේ අපනයන සහ සේවා වැඩි කරන්න ඕනේ. ලංකාවට ගැලපෙන්නේ සේවා ආර්ථිකයක්.. ලංකාවේ විශ්වවිද්‍යාල දියුණු කරන්න ඕනේ.. තොරතුරු තාක්ෂණය, දත්ත කළමනාකරණය වගේ දේවල් සහ දියණු තාක්ෂණික උපකරණ නිෂ්පාදනය වගේ දේවල් කරන්න ඕනේ.. ඒ ගමන්ම කෘෂිකර්මය දේශීය ඉල්ලුමට ගැලපෙන විදියට හදල සහන දීලා ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න ඕනේ.. එතකොට මේ රටට ආයෝජකයෝ ඒවි. අඩු ජීවන වියදමත්..දැනුමෙන් සන්නද්ද ශ්‍රම බලකායත් තියෙනවනම් ආයෝජකයෝ එනවා.. ස්ථාවර රටකට. වෙන පම්පෝරි කතා වැඩක් නැ

:       16       3

himalTuesday, 10 July 2018 10:23 AM

මහ බැංකුව කොහොමත් දේශපාලන පැත්තකින් තියලා මූල්‍ය පාලනයට කටයුතු කර ඇති බව තමයි මේ කියන්නේ. පොළී අනුපාතය අඩු කරන්න නම් මුදල් සැපයුම වැඩි කරන්න වෙනවා. ඒකේ ප්‍රතිඵලය උද්ධමනය වැඩි වීම.අනෙක් අතට ඔබ වියුක්ත ලෙස දක්වන කරුණුවල ගැටළු තියෙනවා. අපනයන වල ඉල්ලුම් නම්‍යතාව හා ආනයන වල ඉල්ලුම් නම්‍යතාව වෙනස්. ඔබ දක්වන තොරතුරු තාක්ෂණය ලංකාවේ ගොඩක් දියුණු වෙලා තිබුනත් ශ්‍රම පිරිවැය වැඩි නිසා බාහිරකරණ ව්‍යාපාර අවස්ථා දිනා ගැනීම ලේසි නෑ. ඒ වගේම දැනටමත් සහනාධාර පොදියක් කෘෂිකර්මයට දෙද්දිත් තවමත් ගොවියා දෙපයින් සිට ගන්න ලෑස්ති නෑ. හැමදාම ආණ්ඩුවෙන් පෝර දෙන්න ඕන සහන මිලට, ඒකෙන් පෝසත් වෙන්නේ පෝර සමාගම්. ශ්‍රම බලකායේ දක්ෂතාව පෙන්වලා ආයෝජකයො ගෙන්වන්න බෑ. හොයලා බලන්න අද ලංකාවේ තරුණයා නොමිලේ දෙන තාක්ෂණ පාඨාමාලාවත් හදාරන්නෙ නෑ. යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට ආවද්, ගන්නවා ‍ටුක් ‍ටුක් එකක්. එතනින් එහාට ශ්‍රම බලකාය වැඩක් නෑ.

:       0       1

dhamneth Tuesday, 10 July 2018 08:29 AM

මම කිවේ කට්ටියම ප්‍රාදේශීය සභා ඡන්දෙට බැහැල වැඩකොරනකොට මේ වර්ෂයේ මුල් කාර්තුවේ බලාපොරොත්තු වුණ ඉලක්ක සපුරගන්න බැහැ කියා.

:       0       3

Chaminda Friday, 13 July 2018 06:27 AM

මම දැක්ක සැම්බියා වල නිව්ස් එකක් යනවා මේ පත්තරේ ඒකම නේද මේ වෙන්නේ.ලගදීම මෙහෙටත් වෙන්නේ ඒ ටිකම තමයි.කිසිම දැක්මක් නැතුව රට ගමන් කරනවා.පාලකයෝ හොරා කකා ඉන්නවා

:       0       89

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 37 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 607 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site