නිල සංචාරයක් සඳහා මැලේසියාවට ගොස් සිටීන ඉන්දීය අග්‍රාමාත්‍ය න​රේන්ද්‍ර මෝදිට මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහීම් ප්‍රමුඛ රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහීම් අතරේ හමුවක් මැලේසියාවේ පුත්‍රාජය නුවරදී පැවැත්විණි.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සහ ආරක්ෂක කටයුතු සහ ගෝලීය අර්බුද සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමුවිය.

මැලේසියා සංචාරයේ දී එරට වෙසෙන ඉන්දීය දෙමළ ඩයස්පෝරාව හමුවීමට ද මෝදි අමතක කළේ නැත. මැලේසියාවේ ඉන්දීය දෙමළ වැසියෝ බොහෝ දෙනෙක් සිටිති.