ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව, හොන්ඩුරාස් නව ජනාධිපති නස්රි අස්ෆුරා, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ පාම් බීච් පිහිටි ට්‍රම්ප්ගේ මාර් ආ ලාගෝ මන්දිරයට පැමිණියේය.

නස්රි අස්ෆුරා ද ට්‍රම්ප් මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකි. හොන්ඩුරාස් ජනාධිපතිවරණය පසුගිය දා පැවැත්වුණු අතර, නස්රි අස්ෆුරා ඉතා අසීරුවෙන් එය ජයග්‍රහණය කළ බව පැවැසෙයි.

හොන්ඩුරාස් යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. නස්රි අස්ෆුරා වෙනුවෙන් ට්‍රම්ප් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.