IMG-LOGO

මොනාලීසාට කරදර කරන්න හදලා !

ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගනිමින් රෝද පුටුවකින්, ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයට ඇතුළු වුණු පිරිමි පුද්ගලයෙක්, එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති 'මොනාලීසා' සිතුවමට හානි කිරීමට උත්සාහ කළේය.

ලියනාඩෝ ඩාවින්සිගේ විසින් සිතුවම් කරනු ලැබූ, මිල කළ නොහැකි, අති විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස 'මොනාලීසා' සිතුවම සැලකිය හැකිය. මෙය ලුව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ අති විශේෂ, බිදිය නොහැකි වෙඩි නොවදින වීදුරු රාමුවක් තුළය.

ආබාධිත මහලු කාන්තාවක සේ කෞතුකාගාරයට ඇතුළු වුණු එම පිරිමි පුද්ගලයා මොනලීසා සිතුවම නරඹමින් සිටි පිරිස පුදුම කරමින්, රෝද පුටුවෙන් පැන සිතුවමේ අයිසිං කේක් තවරා ඇත.

වීදුරු ආවරණයක් මතුපිටින් ඇති බැවින්, සිතුවමට කිසිදු ආකාරයක හානියක් සිදු නොවුණු අතර, සිතුවමට හානි සිදු කිරීමට උත්සාහ කළ එම තැනැත්තා කෞතුකාගාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පැරිස් පොලිසියට බාර දෙනු ලැබුණි.

සිදු කළ විමර්ශනවලින් පසු පොලිසිය පවසා ඇත්තේ එය අවදානය දිනා ගැනීමට ගත් උත්සාහයක් බවය. 'මොනාලීසා' සිතුවමට හානි කිරීමට ගත් එම උත්සාහයට, සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රසිද්ධියක් ද ලැබුණි.

(රොයිටර්)



අදහස් (0)

මොනාලීසාට කරදර කරන්න හදලා !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 24 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site