යුද ගැටුම් මධ්‍යයේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරානයට සහාය දෙන බව තමන් දන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවැසීය.

“මා දන්නවා පුටින් ඉරානයට උදවු කරනවා. රුසියන් බුද්ධි අංශ ඉරාන බුද්ධි අංශ සමග බුද්ධි තොරතුරු බෙදා ගන්නවා. එසේ වුවත්, රුසියාව ඉරානය සමග එක් වී ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලයට පහර දීමක් කරන්නේ නැහැ.’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

‘යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකන් බුද්ධි අංශ, රුසියාවට එරෙහිව යමින් බුද්ධි තොරතුරු ලබා දෙන්නේ යුක්රේනයට. ඒ වගේ ඉරාන යුද්ධයේදී රුසියානු ජනාධිපති පුටින්ගේ සහාය ඉරානයට හිමිවනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.