
ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඉරාන යුද්ධයට ඇමෙරිකාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
ඇමෙරිකාව යුද්ධයට සම්බන්ධ වී සිටින්නේ ඊශ්‍රායලය වෙනුවෙන් බවත්, ඊශ්‍රායලය කිසිම අවස්ථාවක ඇමෙරිකාව යුද්ධයකට පෙළඹූයේ නැති බවත් බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේය.
එමෙන්ම, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ඉරානයේ බලශක්ති මූලාශ්රයන්ට පහරදීම නවතා දැමූ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මගුල් යුද්ධෙ නවත්තපන් මෝඩයා. අපිටත් මේ ලෝකෙ නිදහසේ ජීවත් වෙන්න ඕන.